Wednesday, May 8, 2024
Home » පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය වාහන නිෂ්පා­ද­නය ඇතුළු ක්ෂේත්‍ර පුළුල් කිරී­මට චීනයේ සහාය

පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය වාහන නිෂ්පා­ද­නය ඇතුළු ක්ෂේත්‍ර පුළුල් කිරී­මට චීනයේ සහාය

චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යව­සා­ය­ක­යන්ගේ සංග­මය

by damith
April 27, 2024 1:05 am 0 comment

පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය, වාහන නිෂ්පා­දන, කෘෂි තාක්ෂණ, කඩ­දාසි හා මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර පුළුල් කිරී­මට චීනයේ සහාය ලබා­දෙන බව චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යව­සා­ය­ක­යන්ගේ සංග­මය පව­සයි.

අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා සහ චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යව­සා­ය­ක­යන්ගේ සංග­මය අතර හමු­වක් අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී පෙරේදා (25) පැව­ත්වුණු අතර, එහිදී එම සංග­මය එසේ සඳ­හන් කර ඇත.

පුන­ර්ජ­න­නීය බල­ශක්ති, වාහන නිෂ්පා­දන, කෘෂි තාක්ෂණ, කඩ­දාසි හා මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර පුළුල් කිරීම හා වෙළෙඳ ආයෝ­ජන පිළි­බ­ඳව මෙහිදී අව­ධා­ර­ණය යොමු කෙරිණි. අග­මැ­ති­ව­රයා චීනයේ සංචා­රය කිරීම ගැන චීන ජන­තාව ඉතා සතු­ටට පත්වන බව එම සංග­මයේ සභා­පති රෙන් සිංග්ලේ මහතා මෙහිදී ප්‍රකාශ කළ අතර, එම සංචා­රය පිළි­බ­ඳව ස්තුතිය පළ කළේය.

මෙරට සූර්ය බල­ශ­ක්තිය, සුළං ශක්තිය සහ ජෛව ස්කන්ධ ශක්තිය ආශ්‍රිත කර්මාන්ත නඟා­සි­ටු­වීම සඳහා ආයෝ­ජ­නය කිරී­මට හැකි­යාව පව­තින බව එම සංග­මයේ උප­ස­භා­පති සු සියෑන්ග් මහතා ප්‍රකාශ කළේය. උසස් ප්‍රමි­ති­යෙන් යුතු කුරුඳු චීන­යට අප­න­ය­නය කිරීමේ හැකි­යාව සහ ඉලෙ­ක්ට්‍රො­නික වාහන ආන­ය­නය සඳහා ප්‍රමු­ඛ­තාව ලබා දීමේ හැකි­යාව පිළි­බ­ඳව අග­මැ­ති­ව­රයා මෙහිදී පෙන්වා දුන්නේය. පාර්ලි­මේන්තු මන්ත්‍රී යදා­මිණී ගුණ­ව­ර්ධන, අග­මැති ලේකම් අනුර දිසා­නා­යක මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීන් පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වී සිටි­යහ.

නුවන් කොඩි­කාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT