Home » ගෝලීය අභි­යෝ­ග­ව­ලට මුහු­ණ­දී­මේදී සිය හඬට කන් දෙන බව සහ­තික කිරී­මට අප සාමූ­හි­කව එක් විය යුතුයි – ජන­පති
ඉරාන ජන­ප­තිගේ ශ්‍රී ලංකා සංචා­ර­යෙන් දෙර­ට­ටම ප්‍රති­ලාභ: උමා ඔය සංව­ර්ධන ව්‍යාපෘ­තිය ඉරාන-ශ්‍රී ලංකා සහ­යෝ­ගය වර්ධ­නයට හේතු­වක් - ඉරාන ජන­පති

ගෝලීය අභි­යෝ­ග­ව­ලට මුහු­ණ­දී­මේදී සිය හඬට කන් දෙන බව සහ­තික කිරී­මට අප සාමූ­හි­කව එක් විය යුතුයි – ජන­පති

by damith
April 27, 2024 1:06 am 0 comment
  • ඉරාන ශ්‍රී ලංකා දෙරට අතර සහ­යෝ­ගි­තා­වේ සංකේ­ත­යක්
  • ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට උමා ඔය විශාල ශක්තියක් වේවි

දේශ­ගු­ණික විප­ර්යාස, ආහාර සුර­ක්ෂි­ත­තාව, ණය ආපසු ගෙවීම, ඩිජි­ට­ල්ක­රණ සහ නවීන තාක්ෂ­ණය මෙන්ම තිර­සර සංව­ර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්ත­මාන ගෝලීය අභි­යෝ­ග­ව­ලට මුහු­ණ­දී­මේදී සිය හඬට ඇහු­ම්කන් දෙන බව සහ­තික කිරී­මට සාමූ­හි­කව කට­යුතු කළ යුතු බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කළේ ඉරාන ජනා­ධි­පති ආචාර්ය ඊබ්‍ර­හිම් රයිසි මහතා සමඟ පසු­ගි­යදා (24) පස්ව­රුවේ ජනා­ධි­පති කාර්යා­ලයේ පැවති නිල සාක­ච්ඡා­ව­ලින් අන­තු­රුව දෙරටේ ජනා­ධි­ප­ති­ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති ඒකා­බද්ධ මාධ්‍ය හමු­වේ­දීය.

රාජ්‍ය­තා­න්ත්‍රි­ක­භා­වය සහ සාක­ච්ඡා­ව­ලින් කලා­ප­යට පම­ණක් නොව ලොව පුරා සාමය, ආර­ක්ෂාව සහ සෞභා­ග්‍යය ඇති කිරී­මට ශ්‍රී ලංකාව සහ ඉරා­නය එක්ව සිටීම පිළි­බඳ මෙහිදී සිය සතුට පළ කළ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඉරාන ජන­පති රයිසි මහ­තාගේ ශ්‍රී ලංකා සංචා­රය රට­වල් දෙක­ටම ප්‍රති­ලාභ සල­ස­මින් සහ­යෝ­ගි­තාව සඳහා නව අවස්ථා විවෘත කරනු ඇති බවට ද විශ්වා­සය පළ කළේය.

පල­ස්තීන ගැට­ලුව පිළි­බ­ඳව ද මෙහිදී අද­හස් දැක්වූ ජනා­ධි­ප­ති­ව­රයා කියා සිටියේ පල­ස්තීන ජන­තා­වට රාජ්‍ය­යක් ගොඩ­නැ­ඟී­මට පව­තින නීත්‍ය­නු­කූල සහ අහිමි කළ නොහැකි අයි­තිය ශ්‍රී ලංකාව සහ ඉරා­නය පිළි­ගන්නා බවයි. 1967 වසර වන විට පැවති දේශ­සීමා මත පද­නම්ව එකි­නෙ­කට යාබ­දව පිහිටි රාජ්‍ය­යන් දෙකක් ලෙස පිහි­ටු­වී­මට අදා­ළව එක්සත් ජාතීන් විසින් ඉදි­රි­පත් කර ඇති යෝජ­නා­ව­ලට අනු­කූ­ලව පල­ස්තීන ගැට­ලු­වට සාධා­රණ හා පුළුල් සාකච්ඡා සහිත දේශ­පා­ලන විස­ඳු­මක් වෙනු­වෙන් සහාය දැක්වී­මට ශ්‍රී ලංකාව අඛ­ණ්ඩව කැපවී සිටින බවද ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය.

අප්‍රේල් 24 වැනිදා විවෘත කෙරුණු උමා ඔය ව්‍යාපෘ­තිය බල­ශක්ති උත්පා­ද­නය, වාරි­මාර්ග සහ ජල කළ­ම­නා­ක­රණ ක්ෂේත්‍ර­යන්හි ඉරා­නය සහ ශ්‍රී ලංකාව අතර පව­තින සහ­යෝ­ගි­තා­වයේ සංකේ­ත­යක් බවද පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා එම ව්‍යාපෘ­තිය ගෝලීය දකුණේ රට­වල් අතර මේ ක්ෂේත්‍ර­යන්හි පව­තින සහ­යෝ­ගි­තාව සඳහා උදා­හ­ර­ණ­යක් බවට පත්වීම පිළි­බඳ සතුටු වන බවද කියා සිටි­යේය.

මෙහිදී අද­හස් දැක්වූ ඉරාන ජනා­ධි­පති ආචාර්ය ඊබ්‍ර­හිම් රයිසි මහතා සඳ­හන් කළේ ශ්‍රී ලංකාව සහ ඉරා­නය අතර දේශ­පා­ලන, ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘ­තික සබ­ඳතා පුළුල් කර ගැනීමේ දී සීමා­වක් හෝ බාධා­වක් නැති බවයි. දෙරට අතර අන්‍යෝන්‍ය ප්‍රති­ලාභ දෙරටේ ද්විපා­ර්ශ්වික සබ­ඳතා පුළුල් කර ගැනීම තුළ පව­තින බව පෙන්වා දුන් ඉරාන ජනා­ධි­ප­ති­ව­රයා ඉරා­නය සහ ශ්‍රී ලංකාව යන රට­වල් දෙක තුළම ඉතා ඉහළ විභ­ව­යන් සහ හැකි­යාව පව­තින බවත් මේ අවස්ථා දෙරට අතර හුව­මාරු කර ගැනීම රට­වල් දෙකට මෙන්ම කලාප දෙකට ද ප්‍රයෝ­ජ­න­වත් වනු ඇති බවත් පැව­සීය.

ඒකා­බද්ධ මාධ්‍ය හමුව ඇමතූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැඩි­දු­ර­ටත් මෙසේද ප්‍රකාශ කළේය,

ශ්‍රී ලංකාවේ සංචා­ර­යක නිරත වන ලෙසත්, උමා ඔය බහු­කාර්ය සංව­ර්ධන ව්‍යාපෘ­තිය විවෘත කිරීමේ අව­ස්ථා­වට එක්වන ලෙසත් මා කළ ආරා­ධ­නය පිළි­ගෙන මෙහි පැමිණි ඉරාන ඉස්ලා­මීය ජන­ර­ජයේ ජනා­ධි­පති ආචාර්ය ඊබ්‍ර­හිම් රයිසි මහ­තාට මාගේ හෘද­යං­ගම ස්තුතිය පළ කර­නවා. ජාතික විදු­ලි­බල පද්ධ­ති­යට මෙගා­වොට් 120ක විදු­ලිය උත්පා­ද­නය කර එක් කිරී­මට මෙන්ම ශ්‍රී ලංකාවේ ගිනි­කොන දිග ප්‍රදේ­ශයේ ජල හිඟ­යට පිළි­යම් යෙදීම වෙනු­වෙන් සැල­සුම් කර ඇති උමා ඔය බහු­කාර්ය සංව­ර්ධන ව්‍යාපෘ­තිය අප එක්ව විවෘත කළා. මේ ව්‍යාපෘ­තිය මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියා­කා­ර­කම් ඉහළ නැංවෙන අතර ආහාර නිෂ්පා­ද­නය, ස්ථාවර විදුලි සැප­යු­මක් ලබා දීම මෙන්ම ප්‍රදේ­ශයේ තරුණ තරු­ණි­යන්ට රැකියා අවස්ථා ඇති කිරීම සඳහා එය දායක වෙනවා.

උමා ඔය ව්‍යාපෘ­තිය සඳහා මූල්‍ය ආධාර ලබා දීම පිළි­බ­ඳව පම­ණක් නොව ඉංජි­නේරු සහ තාක්ෂ­ණික ක්ෂේත්‍ර­වල දැනුම බෙදා­හදා ගැනීම සම්බ­න්ධ­යෙන් ඉරාන ඉස්ලා­මීය ජන­ර­ජ­යට ස්තුති කිරී­මට මම මෙය අව­ස්ථා­වක් කර ගන්නවා. මේ ව්‍යාපෘ­ති­යෙන් හිමි­වන ප්‍රති­ලාභ අප ප්‍රදේ­ශයේ ජන­තා­වට ලබා දී තිබෙ­නවා. පර්සි­යාවේ සහ ශ්‍රී ලංකාවේ අනු­රා­ධ­පුර යුගයේ ඉපැ­රණි වාරි සම්ප්‍ර­දා­යන් දෙකේ නූතන යුගයේ එක­තු­වක් ලෙස මම මේ ව්‍යාපෘ­තිය හඳු­න්වා­දී­මට කැම­තියි. නවීන ලෝකයේ අව­ශ්‍ය­තා­වන් වන විද්‍යාව හා තාක්‍ෂ­ණය, කෘෂි­ක­ර්මා­න්තය සහ බල­ශක්ති උත්පා­ද­නය වැනි ක්ෂේත්‍ර­යන්හි විශිෂ්ට ජය­ග්‍ර­හණ අත්ක­ර­ගෙන ඇති ඉරාන ඉස්ලා­මීය ජන­ර­ජයේ ජන­තා­වට මම සුබ පත­නවා.

අද දින විවෘත කරන ලද උමා ඔය ව්‍යාපෘ­තිය බල­ශක්ති උත්පා­ද­නය, වාරි­මාර්ග සහ ජල කළ­ම­නා­ක­ර­ණය යන ක්ෂේත්‍ර­යන්හි දෙරට අතර පව­තින සහ­යෝ­ගි­තා­වයේ සංකේ­ත­යක් බවට පත්වෙ­මින් ගෝලීය දකුණේ රට­වල් අතර මේ ක්ෂේත්‍ර­යන්හි පව­තින සහ­යෝ­ගි­තාව සඳහා උදා­හ­ර­ණ­යක් බවට පත්වීම පිළි­බඳ මම සතු­ටට පත්වෙ­නවා. පසු­ගිය කාල­සී­මාව තුළ මුහු­ණ­දුන් ආර්ථික අර්බු­ද­යෙන් පසුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලිය සඳහා ඉරාන ඉස්ලා­මීය ජන­ර­ජය විසින් දුන් සහ­යෝ­ගය පිළි­බ­ඳව අපගේ සාකච්ඡා අත­ර­තුර මම මගේ කෘත­ඥ­තාව පළ කළා.

ශ්‍රී ලංකාවේ මෑත­කා­ලීන ආර්ථික ස්ථාව­ර­ත්වය සහ ප්‍රකෘ­තිය පිළි­බ­ඳව ද මම ජනා­ධි­පති රයිසි මහතා දැනු­ම්වත් කළ අතර ශ්‍රී ලංකාවේ අනා­ගත ප්‍රග­තිය සහ සෞභා­ග්‍යය පිළි­බ­ඳව ජනා­ධි­පති රයිසි මහතා සිය විශ්වා­සය පළ කළා. එමෙන්ම අපගේ සාකච්ඡා අත­ර­තුර දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික කට­යුතු පුළුල් කර ගැනීම, දේශ­පා­ලන සහ සංස්කෘ­තික සහ­යෝ­ගි­තාව වර්ධ­නය කර ගැනීම ආදිය ඇතු­ළත් අන්‍යෝන්‍ය වශ­යෙන් දෙරටේ උන­න්දු­වක් පව­තින ප්‍රධාන ක්ෂේත්‍ර පිළි­බ­ඳව අප අව­ධා­නය යොමු කළා. අපගේ සබ­ඳතා තව­දු­ර­ටත් වර්ධ­නය කර ගැනීමේ අපේ­ක්ෂා­වෙන් ශ්‍රී ලංකා රජය සහ ඉරාන රජය අතර සංස්කෘ­තික, අධ්‍යා­පන, තරුණ කට­යුතු, මාධ්‍ය, සංචා­රක හා චිත්‍ර­පට කර්මා­න්තය යන ක්ෂේත්‍ර­වල අව­බෝ­ධතා ගිවි­සුම් 5කට අත්සන් තැබුවා.

මේ ක්ෂේත්‍ර­යන්හි ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව මෙන්ම දෙරටේ ජන­තාව අතර ද සම්බ­න්ධතා වැඩි­දි­යුණු කිරීම සඳහා විශාල හැකි­යා­වක් පව­තින බව අප දකි­නවා. එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය, නොබැඳි ජාතීන්ගේ සංවි­ධා­නය (NAM), G-77 සංවි­ධා­නය මෙන්ම ඉන්දි­යානු සාගර කලා­පීය වට­ද්දර රට­වල සංග­මය (IORA) වැනි අනෙ­කුත් කණ්ඩා­යම් ද ඇතු­ළුව බහු­පා­ර්ශ්වික සහ කලා­පීය සංස­ද­ව­ලදී රට­වල් දෙක සමී­පව කට­යුතු කිරීම පිළි­බ­ඳව ද අප ඉතා සතුටු වෙනවා. බහු­පා­ර්ශ්වික සහ­යෝ­ගි­තා­වයේ වැද­ග­ත්කම අව­ධා­ර­ණය කර­මින් වත්මන් ගෝලීය අභි­යෝග පිළි­බ­ඳව විවෘත හා ප්‍රයෝ­ජ­න­වත් සංවා­ද­යක අපි නිරත වී සිටි­නවා.

පල­ස්තී­නයේ පව­තින බර­ප­තළ තත්ත්වය සහ පල­ස්තී­නයේ ජන­තා­වට අත්වි­ඳී­මට සිදු වී ඇති අති­ම­හත් වූ දුක් වේදනා පිළි­බඳ අපගේ දැඩි කන­ස්සල්ල පළ කර­නවා. ශ්‍රී ලංකාව සහ ඉරා­නය පල­ස්තීන ජන­තා­වට රාජ්‍ය­යක් ගොඩ­නැ­ඟීම සඳහා පව­තින නීත්‍ය­නු­කූල සහ අහිමි කළ නොහැකි අයි­තිය පිළි­ගනු ලබ­නවා. 1967 වසර වන විට පැවති දේශ­සීමා මත පද­නම්ව එකි­නෙ­කට යාබ­දව පිහිටි රාජ්‍ය­යන් දෙකක් ලෙස පිහි­ටු­වී­මට අදා­ළව එක්සත් ජාතීන් විසින් ඉදි­රි­පත් කර ඇති යෝජ­නා­ව­ලට අනු­කූ­ලව පල­ස්තීන ගැට­ලු­වට සාධා­රණ හා පුළුල් සාකච්ඡා සහිත දේශ­පා­ලන විස­ඳු­මක් වෙනු­වෙන් සහාය දැක්වී­මට ශ්‍රී ලංකාව අඛ­ණ්ඩව කැපවී සිටි­නවා.

එවැනි ඕනෑම විස­ඳු­මක් සඳහා පළ­මුව ගාසා තීරයේ සිදු­වන මනුෂ්‍ය ඝාතන නතර කළ යුතුයි. දෙව­නුව වසර පහක් ඇතු­ළත පල­ස්තීන රාජ්‍යය පිහි­ටු­විය යුතුයි. තුන්ව­නුව, ස්වෛරී රාජ්‍ය­යන්ට ගරු කළ යුතුයි සහ සිව්ව­නුව සිය­ලුම රාජ්‍ය­යන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කළ යුතුයි. මේ කරුණු පිළි­බඳ අව­ධා­නය යොමු කර වහාම ගාසා තීරයේ මනුෂ්‍ය ඝාතන නතර නොක­ළ­හොත් එම විස­ඳුම සොයා ගැනීම දුෂ්කර වනු ඇත.

ශ්‍රී ලංකා රජය “ගාසාහි ළමා අර­මු­දල” පිහි­ටුවා ගාසා තීරයේ විප­තට පත් දරු­වන්ට උප­කාර කිරීම සඳහා 2024 අප්‍රේල් 1 වන දින පල­ස්තීන සර­ණා­ග­ත­යන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සැල­සීමේ සහ ක්‍රියා­ත්ම­ක­වීමේ නියෝ­ජි­තා­ය­ත­නය (UNRWA) වෙත අමෙ­රි­කානු ඩොලර් මිලි­ය­න­යක් පරි­ත්‍යාග කළා. ඉරාන ජනා­ධි­ප­තිගේ මේ සංචා­රය අපගේ රට­වල් දෙක­ටම ප්‍රති­ලාභ සල­ස­මින් සහ­යෝ­ගි­තාව සඳහා නව අවස්ථා විවෘත කරනු ඇතැයි මම විශ්වාස කර­නවා. ඉරාන ඉස්ලා­මීය ජන­ර­ජයේ ජනා­ධි­පති ආචාර්ය රයිසි මහ­තාගේ යහ­පත් සෞඛ්‍ය සහ යහ­පැ­වැත්ම මෙන්ම ඉරාන ජන­තා­වගේ අඛණ්ඩ ප්‍රග­තිය සහ සමෘ­ද්ධිය වෙනු­වෙන් මගේ සුබ පැතුම් එක් කිරී­මට ද මම මෙය අව­ස්ථා­වක් කර ගන්නවා.

ඉරාන ජනා­ධි­පති ආචාර්ය ඊබ්‍ර­හිම් රයිසි මහතා-

ශ්‍රී ලංකාව වැනි රටක මගේ කණ්ඩා­යම සමඟ සංචා­රය කිරී­මට හැකි­වීම පිළි­බ­ඳව මම ඉතා සතුටු වෙනවා. ඉරාන ඉස්ලා­මීය ජන­ර­ජයේ දැනුම, තාක්ෂ­ණය සහ ශක්ති­මත් සහ­යෝ­ගී­තාව මත ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කර­ගත් විශිෂ්ට ව්‍යාපෘ­ති­යක් අද ජනතා අයි­ති­යට පව­රා­දී­මට ලැබීම පිළි­බ­ඳ­වද මට සතු­ටුයි. උමා ඔය බහු­කාර්ය සංව­ර්ධන ව්‍යාපෘ­තිය ඉරා­නය සහ ශ්‍රී ලංකාව අතර පව­තින සහ­යෝ­ගී­තාව තව­දු­ර­ටත් වර්ධ­නය කර තිබෙ­නවා. මේ ව්‍යාපෘ­තිය සාමාන්‍ය ව්‍යාපෘ­ති­යක් නොවෙයි. මෙය ඉරාන වෘත්ති­ක­යන් විසින් විශාල කැප­වී­ම­කින් සහ විශේ­ෂ­ඥ­භා­ව­ය­කින් යුතුව ශ්‍රී ලංකාවේ ජන­තා­වගේ සුබ­සා­ධ­නය මූලික කර­ග­නි­මින් සම්පූර්ණ කළ ව්‍යාපෘ­ති­යක්.

ඉස්ලා­මීය විප්ල­වය ජය­ග්‍ර­හ­ණය කළදා සිට ශ්‍රී ලංකාව සමඟ ශක්ති­මත් ද්විපා­ර්ශ්වික සබ­ඳතා ඇති කර ගැනී­මට ඉරා­නය කට­යුතු කර තිබෙ­නවා. වසර ගණ­නා­වක් පුරා මේ සබ­ඳතා වර්ධ­නය වී පුළුල් වී තිබෙ­නවා. අද අප දෙරට අතර ඉතා ඵල­දායී සාකච්ඡා සහ කතා­බ­හක් වුණා. දෙර­ටේම ජන­තා­වට ප්‍රති­ලාභ සැල­සෙන අයු­රින් දෙරට අතර දේශ­පා­ලන, ආර්ථික, වෙළෙඳ, සංස්කෘ­තික, කෘෂි­කා­ර්මික, සංචා­රක, විද්‍යා මෙන්ම තාක්‍ෂ­ණික ක්ෂේත්‍ර තුළ ද්විපා­ර්ශ්වික සබ­ඳතා ශක්ති­මත් කර­ගැ­නී­මට අප එකඟ වුණා.

ඉරා­නය සහ ශ්‍රී ලංකාව යන මිත්‍ර රට­වල් දෙකේම හොඳ විභ­ව­යන් සහ හැකි­යා­වන් ගණ­නා­වක් පව­ති­නවා. මේ හැකි­යා­වන් සහ විභ­ව­යන් අපගේ රට­වල් දෙක අතර අන්‍යෝන්‍ය වශ­යෙන් හුව­මාරු කර ගැනීම සහ බෙදා හදා ගැනීම අපගේ රට­වල් දෙකට, අපගේ ජාතීන් දෙකට සහ අපගේ කලාප දෙකට ප්‍රයෝ­ජ­න­වත් වනු ඇතැයි මම පෞද්ග­ලි­කව විශ්වාස කර­නවා. අප දෙරට අතර ආර්ථික, වෙළෙඳ, කෘෂි­කා­ර්මික, විද්‍යා­ත්මක තාක්ෂ­ණික ක්ෂේත්‍ර­යන් සහ­යෝ­ගී­තාව තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කිරීම පිළි­බඳ සොයා බැලෙන ඉරාන – ශ්‍රී ලංකා ආර්ථික සහ­යෝ­ගී­තාව සඳහා වූ ඒකා­බද්ධ කොමි­සමේ මීළඟ වටය හැකි ඉක්ම­නින් පැවැ­ත්වී­මට කට­යුතු කිරීම පිළි­බඳ විදේශ කට­යුතු අමා­ත්‍ය­ව­ර­යාට මම ස්තූති­වන්ත වෙනවා.

තර්ජ­න­ව­ලට හෝ සම්බා­ධ­ක­ව­ලට ඉරාන ජන­තාව නැවැ­ත්වී­මට නොහැකි වූ බවත් ඔවුන්ට කිසි විටෙ­කත් රටේ සංව­ර්ධ­නය හා ප්‍රග­තිය කඩා­ක­ප්පල් කළ නොහැකි බවත් මා මෙහි දී ශ්‍රී ලංකාවේ ආද­ර­ණීය ජන­තාව හමුවේ ප්‍රකාශ කර­නවා. අද ඉරාන ඉස්ලා­මීය ජන­ර­ජය තාක්‍ෂ­ණික සංව­ර්ධ­නයේ ඉහළ ප්‍රග­ති­යක් අත්ක­ර­ගත් රටක් ලෙස හැඳි­න්වී­මට හැකි­යාව ලැබී තිබෙ­නවා. ඉංජි­නේරු සහ තාක්‍ෂ­ණය පිළි­බඳ අපගේ විශේ­ෂඥ දැනුම ශ්‍රී ලංකා­වට ද ලබා­දී­මට අප සූදා­නම් බව ප්‍රකාශ කළ යුතුයි.

මේ සහාය ලබා­දී­මෙන් ශ්‍රී ලංකාවෙ ආර්ථික වර්ධ­න­යට දායක වීමට අපට අව­ස්ථාව ලැබෙ­නවා. මේ උමා ඔය බහු­කාර්ය සංව­ර්ධන ව්‍යාපෘ­තිය අප දෙරට අතර පව­තින සහ­යෝ­ගී­තාව පිළි­බඳ හොඳ උදා­හ­ර­ණ­යක්. අද මුස්ලිම් රට­ව­ලට සහ මුස්ලි­ම්ව­රුන්ට පම­ණක් නොව ලෝකයේ විවිධ ප්‍රදේ­ශ­වල වෙසෙන සිය­ලුම මිනි­සුන්ට ඇති ප්‍රධා­නම අභි­යෝ­ග­ය­න්ගෙන් එකක් වන්නේ පල­ස්තී­න­යයි. එය මහා පීඩ­න­යක් වගේම රටට ලොකු තර්ජ­න­යක් ලෙස මම දකි­නවා.

ඒ වගේම එය පල­ස්තී­නයේ සහ ගාසා තීරයේ ජන­තා­වට කරන මහා අප­රා­ධ­යක් බව කිව­යු­තුයි. මනු­ෂ්‍ය­ත්ව­යට එරෙහි අප­රා­ධ­යක් වන මේ බිහි­සුණු අප­රා­ධය සියලු මිනි­සුන්ගේ කන­ස්ස­ල්ලට හේතු වන්නක්. මේ ප්‍රශ්නය නිසා සියලු දෙනා කන­ස්ස­ල්ලට පත් වෙලා. නමුත් ජාත්‍ය­න්තර ආය­තන සහ සංවි­ධාන මෙන්ම ඒවා බාරව සිටින පුද්ග­ල­යන් ගාසා තීරයේ සහ පල­ස්තී­නයේ සිදු කරන ජන සංහාර සහ ළමා ඝාතන නතර නොක­රන්නේ ඇයිද යන්න ප්‍රශ්න­යක්. අද වන විට ගාසා තීරයේ මෙත­රම් අප­රාධ සහ ළමා ඝාතන සිදු වන බව දැකීම ඉතා කන­ගා­ටු­දා­ය­කයි. මුස්ලි­ම්ව­රුන් පම­ණක් නොව, ලොව පුරා සිටින සෑම ජන කොට්ඨා­ස­යක්ම මේ සාහ­සික ක්‍රියා සහ ඝාතන හෙළා දකි­නවා.

මිනිස් ස්වරූ­ප­යෙන් සිටින වෙනත් ජීවීන් පිරි­සක්, සතුන් පවා සිදු නොක­රන අන්දමේ මෙවැනි අප­රාධ කරන බව ඇතැ­ම­කුගේ විශ්වා­ස­යයි. අවා­ස­නා­ව­කට අද වන විට වඩාත් කන­ගා­ටු­දා­යක කරුණ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය, එක්සත් ජාතීන්ගේ ආර­ක්ෂක මණ්ඩ­ලය සහ සිය­ලුම මානව හිමි­කම් ආය­තන සහ සංවි­ධාන ඔවුන්ගේ කාර්ය­ක්ෂ­ම­තාව හා ක්‍රියා­කා­රි­ත්වය නැති කර ගෙන තිබී­මයි. ඔවුන් මේ ජන සංහා­ර­යට හෝ මේ අප­රා­ධ­යන්ට එරෙ­හිව ඒවායේ අව­සා­නය තෙක් කිසිදු ස්ථිර ක්‍රියා­මා­ර්ග­යක් නොගැ­නී­මයි. ගාසා තීරයේ අහිං­සක ජන­තා­වට එරෙ­හිව සියො­න්වාදී ඊශ්‍රා­යල පාල­නයේ බෝම්බ ප්‍රහාර සහ එම ප්‍රහාර වහා අව­සන් කිරීම පිළි­බ­ඳව සහ මේ අහිං­සක මිනි­සුන්ට ජලය, ආහාර, ඖෂධ සහ බෙහෙත් ඇතුළු ආධාර කඩි­න­මින් ලබා­දීම සම්බ­න්ධ­යෙන් වූ අපගේ ස්ථාව­ර­ත්වය පිළි­බ­ඳව ශ්‍රී ලංකා ජනා­ධි­පති සහ මම සාකච්ඡා කළා.

මෙහි වැද­ගත් කාර­ණය වන්නේ පල­ස්තී­නයේ ප්‍රශ්නය සහ එම ප්‍රශ්නය විස­ඳීම සඳහා වන පිළි­තු­රයි. ඉරාන ඉස්ලා­මීය ජන­ර­ජය මුළු­ම­නින්ම සහ පූර්ණ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී විස­ඳු­මක් ආරම්භ කර තිබෙ­නවා. එනම්, සෑම පල­ස්තී­නු­ව­කු­ටම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයි­තිය ලබා­දී­මයි. මෙයින් මා අද­හස් කරන්නේ පල­ස්තී­නු­වන්, මුස්ලිම්, ක්‍රිස්ති­යා­නීන් හෝ යුදෙ­ව්වන් වේවා, ඔවුන් සෑම කෙනෙ­කු­ටම ඡන්දය ප්‍රකාශ කිරී­මට අයි­ති­යක් ඇති බවයි.

එම­ඟින් ඔවුන්ට මීළ­ඟට පැමි­ණෙන රජය පිළි­බ­ඳව තීර­ණය කළ හැකියි. මෙය සම්පූ­ර්ණ­යෙන්ම යුක්ති සහ­ගත සහ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී මුල පිරී­මක්. පීඩා­වට පත් කිරීම සම්බ­න්ධ­යෙන් සහ කොල්ල­කෑම සම්බ­න්ධ­යෙන් ගත් කළ, සියො­න්වාදී ඊශ්‍රා­යල පාල­නය වසර 75ක් තිස්සේ පල­ස්තී­නයේ ජන­තා­වට පීඩා පමු­ණු­ව­මින් සිටි­නවා. ඔවුන් සිය බල ප්‍රදේශ කොල්ල­ක­නවා. එබැ­වින් කොල්ල­ක­රු­වන් සහ පීඩ­ක­යන් සම්බ­න්ධ­යෙන් ගත් කළ, ඔවුන්ගේ මෙහෙ­යුම් කිරී­මට වැඩි ඉඩ­ක­ඩක් සහ නිද­හ­සක් අප නොදිය යුතුයි.

නමුත් පළ­මු­වෙන්ම, අපි පීඩ­ක­යන් එළවා දැමිය යුතුයි. අන­තු­රුව ඔවුන් විසින් සිදු කරන ලද සිය­ලුම හානි සඳහා වන්දි ගෙවී­මට අප කට­යුතු කළ යුතුයි. තෙව­නුව, අපි එම පීඩ­ක­යන් සහ කොල්ල­ක­රු­වන් නීතිය ඉදි­රි­යට රැගෙන ආ යුතුයි. වෙනත් කණ්ඩා­ය­මක් විසින් අනෙ­ක­කුට අයත් ඉඩම් සහ භූමි ප්‍රයෝ­ජ­න­යට ගැනීම හෝ අත්පත් කර නොගන්නා බව තහ­වුරු කිරී­මට හැකි කිසිම සහ­ති­ක­යක් නැහැ. අපි ඔවුන් යුක්තිය ඉදි­රි­යට ගෙන නොයන්නේ නම්, ඔවුන් තව නව භූමි ප්‍රදේශ කීප­යක් ද අල්ලා ගැනී­මට කට­යුතු කරනු ඇති.

ඔවුන් තම ජන­තා­වට, ඔවුන්ගේ කාන්තා­වන්ට සහ දරු­වන්ට එම ප්‍රදේ­ශ­ව­ලින් ඉව­ත්වී­මට බල කරනු ඇති. ලෝකයේ සාධා­රණ අව­කා­ශ­යක් ස්ථාපිත වී ඇති බව අප ඔප්පු කළ යුතු වෙනවා. සාප­රාධී සියො­න්වාදී ඊශ්‍රා­යල පාලන තන්ත්‍රය ඉතා යුක්ති සහ­ගත ලෙස එහි ක්‍රියා­මාර්ග හා ක්‍රියා­මා­ර්ග­ව­ලට වග­වීම පිළි­බ­ඳව ජාත්‍ය­න්තර අධි­ක­ර­ණ­යෙන් විම­සිය යුතුයි. ඒ නිසා කිසි­වෙක්, කිසිම පුද්ග­ල­යෙක් හෝ කණ්ඩා­ය­මක් හෝ කිසිම රටක් කාන්තා­වන් සහ ළම­යින් මරා දැමීම, වැසි­යන් ඔවුන්ගේ භූමි­යෙන් බල­හ­ත්කා­ර­යෙන් නෙර­පීම වැනි දේ නොකළ යුතු වෙනවා. අපව පිළි­ගැ­නීම සහ අපට සංග්‍රහ සත්කාර කිරීම පිළි­බ­ඳව මම ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ටත්, රජ­ය­ටත් ස්තූති­වන්ත වෙනවා. මගේ මෙන්ම ඉරාන රජ­යේත් ස්තූතිය ඒ වෙනු­වෙන් පිරි­න­ම­නවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉරා­නය අතර දේශ­පා­ලන, ආර්ථික, වෙළෙඳ මෙන්ම සංස්කෘ­තික සබ­ඳතා පුළුල් කිරී­මට සීමා­වක් හෝ බාධා­වක් නැති බව මා ප්‍රකාශ කර­නවා. අප දෙරට අතර දේශ­පා­ලන, ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘ­තික ක්ෂේත්‍ර­වල ද්විපා­ර්ශ්වික සබ­ඳතා වර්ධ­නය කර ගැනීම සඳහා අප දෙර­ටම අධි­ෂ්ඨා­න­යෙන් කට­යුතු කළ යුතු වෙනවා. එසේම අපගේ අන්‍යෝන්‍ය ප්‍රති­ලාභ සහ අව­ශ්‍යතා අපගේ ද්විපා­ර්ශ්වික සබ­ඳතා පුළුල් කිරීම තුළ පව­තින බව අප තදින්ම විශ්වාස කර­නවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT