Home » චන්ද්‍රිකා වසර 5කට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

චන්ද්‍රිකා වසර 5කට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

by sachintha
May 7, 2024 2:20 am 0 comment

මම හැමදාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාව පක්ෂයෙන් පැන්නුවා. ඉන්පසුව මා පක්ෂ මූලස්ථානයට පැමිණියේ අද යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසීය.

ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 5කට පසු ඊයේ (06) පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව කීවාය.

පක්ෂයේ ඉදිරි සැලසුම් හා ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ ඊයේ (06) සවස විශේෂ සාකච්ඡාවක් පැවැති අතර ඊට සහභාගි වීමට ඇය එහි පැමිණ සිටියාය. එම සාකච්ඡාවට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහත්වරු ද එක්ව සිටියහ. ජන සභා සඳහා පක්ෂයේ නියෝජිතයන් පත් කිරීම, දුර්වල ආසන සංවිධායකවරුන් හා ඊට ගන්නා ක්‍රියාමාර්ග ගැන ද එහිදී සාකච්ඡාවට ලක්කර තිබිණි.

තමන් පක්ෂයේ හැමදාමත් සිටි බවත් ඒත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් පැන්නූ බවත් ඉන්පසු මූලස්ථානයට නොපැමිණි බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය පැවැසුවාය.

පක්ෂයේ ඉදිරි ගමන සඳහා කැප වී කටයුතු කරන බව කී ඇය රට හදන්න අප සියලු දෙනා එකතු වී වැඩ කරමු යයිද එහිදී හිටපු ජනාධිපතිනිය මාධ්‍යයට කියා සිටියාය.

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT