Home » සා/පෙළ විභාගයට ගිය මතුගම සිසුවිය බල්ලෙක් සපා කාලා

සා/පෙළ විභාගයට ගිය මතුගම සිසුවිය බල්ලෙක් සපා කාලා

by sachintha
May 7, 2024 2:21 am 0 comment

රෝහල්ගත කර ප්‍රතිකාර දී නැවත විභාගයට

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානමින් මතුගම ප්‍රධාන පාසලක විභාග මධ්‍යස්ථානයේ ගේට්ටුව අසල සිටි සිසුවියක සුනඛයකු හපා කෑම නිසා හදිසියේ මතුගම වෑත්තෑව රෝහලට ඊයේ (06) පෙරවරුවේ ඇතුළත් කර තිබේ.

ඇය ඊයේ (06) පෙරවරු 7.45ට පමණ විදුහලේ විභාග මධ්‍යස්ථානය අසල සිටින අවස්ථාවේ ඒ අසල සිටි සුනඛයන් දෙදෙනකු එකිනෙකා පොර කෑමට පටන්ගෙන තිබේ. එම සුනඛයන් සිසුවියගේ ඇඟේ ගැටීමෙන් පසු ඇය බිම ඇඳ වැටී තිබෙන අතර එවිට එක් සුනඛයකු ඇයව දරුණු ලෙස සපා කා ඇත.

එහි සිටි මවුපියන් විසින් වහාම සුනඛයන් පලවා හැර යුහුසුලුව ක්‍රියාත්මක වී සිසුවිය වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍ය කාර්ය මණ්ඩලය ද යුහුසුලුව ඇයට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර තිබේ.

එම මවුපියන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් සිසුවියට නියමිත වේලාවට විභාග මධ්‍යස්ථානයට පැමිණ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලැබී ඇත.

විභාගය අවසන් වීමෙන් පසු ඇගේ මවුපියන් ඇය නාගොඩ රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇත.

මේ අවස්ථාවේ එහි සිටි මවුපියන් හා වෑත්තෑව රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුලුව අවශ්‍ය කටයුතු කිරීම නිසා සිය දියණියට නියමිත වෙලාවට විභාගයට පෙනී සිටීමට හැකි වූ බැවින් සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය පළ කරන බව සිසුවිගේ පියා පැවසීය.

සපා කෑම කළ සුනඛයා නිවැසියකු සමඟ එම ස්ථානයට ආවාද නැතහොත් අයාලේ යන සුනඛයකු දැයි නිශ්චිතව හඳුනාගෙන නැත.

නෙත්මි පූජනී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT