Sunday, May 19, 2024
Home » සිවිල් ආර­ක්ෂක බළකා සෙබ­ළුන්ට එරෙ­හිව චෝදනා ගොනු කරන්න නියෝග
බදි­යු­දීන්ගේ ඡන්ද­දා­ය­ක­යන් ප්‍රවා­හ­නය කළ බස­යට වෙඩි තැබීම

සිවිල් ආර­ක්ෂක බළකා සෙබ­ළුන්ට එරෙ­හිව චෝදනා ගොනු කරන්න නියෝග

by damith
May 6, 2024 1:04 am 0 comment

ඉකුත් ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සීම පැව­තිදා රිසාඩ් බදි­යු­දීන් හිටපු අමා­ත්‍ය­ව­ර­යාගේ ඡන්ද­දා­ය­ක­යන් පිරි­සක් පුත්ත­ලමේ සිට මන්නා­ර­මට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවා­හ­නය කර­මින් තිබූ ලංගම බස් රථ­ය­කට තන්ති­රි­ම­ලේදී වෙඩි තබා එම බස් රථ­යට අන­ර්ථ­යක් සිදු කිරීමේ සිද්ධි­යට අදාළ නඩුවේ විත්ති­කාර සිවිල් ආර­ක්ෂක බළකා සෙබ­ළුන්ට එරෙ­හිව අධි­ක­ර­ණය හමුවේ චෝදනා ගොනු කරන ලෙස අනු­රා­ධ­පුර අති­රේක මහේ­ස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවා­ව­සම් මහ­ත්මිය තන්ති­රි­මලේ පොලි­සි­යට නියෝග කළාය.

සැක­ක­රු­වන් වෙනු­වෙන් අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා සිය මූලික කරුණු දැක්වී­ම්ව­ලදී කියා සිටියේ මෙම ප්‍රහා­රයේ සැබෑ සැක­ක­රු­වන් නිදැල්ලේ සිටි­යදී කිසිදු සාක්ෂි­යක් නැතිව සිවිල් ආර­ක්ෂක සෙබ­ළුන් තිදෙ­නකු අයු­ක්ති­ස­හ­ගත ලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බවයි. දැනට ලැබී ඇති දුර­ක­තන විශ්ලේ­ෂණ වාර්තා­ව­ලට අනුව මෙම ප්‍රහා­රය සිදු කර ඇත්තේ දේශ­පා­ලන ආධා­ර­ක­රු­වන් පිරි­සක් බව ද කියා සිටි නීති­ඥ­ව­රයා එම සැබෑ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම පොලි­සිය පැහැ­ර­හැර ඇති බවට ද චෝදනා කළේය.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් සිවිල් ආර­ක්ෂක බළ­කායේ සෙබ­ළුන් තිදෙනා මීට පෙර ඇප මත මුදා­හැර ඇති අතර බස් රථ­යට වෙඩි තැබී­මට යොදා­ගත් බවට සැක කෙරෙන ටී-56 වර්ගයේ ස්වංය­ක්‍රිය ගිනි අවි පහක් රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යවනු ලැබ තිබේ.

දැනට මෙම ප්‍රහා­ර­යට අදා­ළව අධි­ක­ර­ණය හමුවේ චෝදනා ලබා සිටින්නේ තන්ති­රි­මලේ සිවිල් ආර­ක්ෂක බළකා කඳ­වු­රට අනු­යු­ක්තව සේවය කරන කේ. විජේ­සේන සහ උපාලි නන්ද­සේන සහ ඩබ්. කැලුම් චතු­රංග යන සිවිල් ආර­ක්ෂක බළ­කායේ සෙබ­ළුන් තිදෙ­නෙකි.

සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් තන්ති­රි­මලේ පොලි­සිය මුල් බී වාර්තාව මඟින් සඳ­හන් කළේ පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැති දිනයේ පුත්ත­ලමේ සිට ඡන්ද­දා­ය­ක­යන් පිරි­සක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මන්නා­ර­මට ප්‍රවා­හ­නය කර­මින් තිබූ ලංගම බස් රථ­ය­කට තන්ති­රි­ම­ලේදී වෙඩි ප්‍රහා­ර­යක් සහ ගල් ප්‍රහා­ර­යක් එල්ල කර ඇති බවයි. වෙඩි සහ ගල් ප්‍රහා­ර­ව­ලින් ලංගම බස් රථ­යට හානි සිදුව ඇති බව ද අධි­ක­ර­ණ­යට කියා සිටි පොලි­සිය මෙම සිද්ධිය පිළි­බඳ දීර්ඝව විම­ර්ශ­න­යක් සිදු කර මෙම සැක­ක­රු­වන් ඉකුත්දා අත්අ­ඩං­ගු­වට ගත් බව ද කීවේය.

සැක­කාර සිවිල් ආර­ක්ෂක බළකා සෙබ­ළුන් වෙනු­වෙන් අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා තව­දු­ර­ටත් සඳ­හන් කළේ ජනා­ධි­ප­ති­ව­ර­ණය පැව­තිදා වෙඩි තැබීම සිදුව ඇති දිනයේ මෙම සැක­කාර සිවිල් ආර­ක්ෂක බළකා සෙබ­ළුන් තිදෙනා පැල් රාජ­කා­රි­වල (සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව විසින් වගා කළ වගා බිමක් වන සතු­න්ගෙන් ආරක්ෂා කිරීමේ රාජ­කා­රි­වල) නියැළී සිට ඇති බවයි.

සැක­කාර සෙබ­ළුන් පැල් රාජ­කා­රි­වල නියැළී ඇත්තේ නිරා­යු­ධව බව ද අධි­ක­ර­ණ­යට අව­ධා­ර­ණය කළ නීති­ඥ­ව­රයා එලෙස නිරා­යු­ධව සිටි සෙබ­ළුන් තිදෙ­නකු බස් රථ­යට වෙඩි තබන්නේ කෙසේද? යන්න තන්ති­රි­මලේ පොලි­සි­යෙන් ප්‍රශ්න කළේය. සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ මෙම අප­රා­ධය සිදු කළ බවට හෝ මෙම අප­රා­ධ­යට ආධාර අනු­බල දුන් බවට කිසිදු සාක්ෂි­යක් නැතිව සිද්ධි­යෙන් මාස හය­කට පසුව බව ද නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා අධි­ක­ර­ණ­යට දැන්වීය. පැමි­ණිල්ල වෙනු­වෙන් තන්ති­රි­මලේ පොලි­සියේ නිල­ධා­රීන් පෙනී සිටි අතර සැක­ක­රු­වන් වෙනු­වෙන් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා පෙනී සිටි­යේය.

අනු­රා­ධ­පුර - උපාලි ආනන්ද කරු­ණා­දාස

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT