Sunday, May 19, 2024
Home » සිර දඬු­වම් නියම වූ පැනමා රාජ්‍යයේ හිටපු ජන­ප­තිට මෙවර මැති­ව­ර­ණයේ අපේ­ක්ෂ­ක­ත්ව­යත් අහිමි වෙයි

සිර දඬු­වම් නියම වූ පැනමා රාජ්‍යයේ හිටපු ජන­ප­තිට මෙවර මැති­ව­ර­ණයේ අපේ­ක්ෂ­ක­ත්ව­යත් අහිමි වෙයි

by damith
May 6, 2024 1:04 am 0 comment

පැනමා රාජ්‍යයේ එළැ­ඹෙන මහ­මැ­ති­ව­ර­ණ­යේදී ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත්වීමේ වැඩිම වාසිය අත්ක­ර­ගෙන සිටි හිටපු ජනා­ධි­පති 73 හැවි­රිදි රිකාඩෝ මාටි­නෙ­ලිගේ අපේ­ක්ෂ­ක­ත්වය එරට මැති­ව­රණ කොමි­සම ඉවත දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එවැනි පිය­ව­රක් ගෙන ඇත්තේ මුදල් විශු­ද්ධි­ක­රණ චෝදනා එල්ල වී සිටි හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට පසු­ගිය වස­රේදී එරට අධි­ක­ර­ණ­යෙන් වසර 11ක සිර දඬු­වම් නියම කර තිබීම හේතු­වෙනි.

හිටපු ජනා­ධි­ප­ති­ව­රයා වෙනු­වට මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදි ජනා­ධි­පති අපේ­ක්ෂක ලෙස මාටි­නෙලි රජයේ හිටපු අධි­ක­රණ ඇමැති ජොස් රාවුල් මුලිනෝ පළ­මු­ව­රට එම ධුර­යට පත්වනු ඇතැයි ද අනා­වැකි පළ වී තිබේ. මෙවර පැනමා මහ­මැ­ති­ව­ර­ණ­යේදී ජනා­ධි­පති සට­නට අපේ­ක්ෂ­ක­යන් අට­දෙ­නකු ඉදි­රි­පත් වී සිටින බවත්, පළමු වට­යේදී වැඩිම ඡන්ද ප්‍රමා­ණ­යක් ලබා ගන්නා අපේ­ක්ෂ­කයා පැනමා රාජ්‍යයේ මීළඟ ජනා­ධි­පති ලෙස ලබන ජූලි මස 1 වැනිදා දිවු­රුම් දෙනු ඇති බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT