Home » යුක්තිය පටන් ගත්තේ කුඩු හා පාතා­ල­යෙන් මේ රට බේර­ාග­න්නයි – මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස්

යුක්තිය පටන් ගත්තේ කුඩු හා පාතා­ල­යෙන් මේ රට බේර­ාග­න්නයි – මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස්

විශේෂ පුහු­ණුව ලත් පොලි­සියේ 100ක යතු­රු­පැදි කණ්ඩා­යම් 50ක් විසිර යති

by damith
April 27, 2024 1:04 am 0 comment

යුක්තිය මෙහෙ­යු­මට සම­ගා­මීව බස්නා­හිර සහ දකුණ පළාත කේන්ද්‍ර කර ගනි­මින් සිදු­වන පාතාල අප­රාධ මැඬ පැවැ­ත්වීමේ අර­මු­ණින් විශේෂ කාර්ය බළකා යතු­රු­පැදි කණ්ඩා­ය­ම්ව­ලට සම­ගා­මීව ක්‍රියා­ත්මක වීමට විශේෂ කාර්ය බළකා විශේෂ පුහු­ණුව ලත් පොලිස් නිල­ධා­රීන් 100කගෙන් සම­න්විත යතු­රු­පැදි කණ්ඩා­යම් 50ක් පෙරේදා(25)කටු­කු­රුන්ද විශේෂ බළකා පුහුණු කඳ­වුරේ සති 2ක පුහු­ණුව සාර්ථ­කව අව­සන් කර විසිර ගියහ. එම විසිර යෑමේ උත්ස­වය මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කොන් මහ­තාගේ උප­දෙස් පරිදි පැවැ­ත්විණි.

මේ විශේෂ පුහු­ණුව ලත් යතු­රු­පැදි කණ්ඩා­යම් පෙරේදා (25) සිට බස්නා­හිර සහ දකුණ පළාතේ විශේ­ෂ­යෙන් හඳු­නා­ගත් පොලිස් වසම් ආව­ර­ණය වන පරිදි සංචා­රය කිරී­මට නිය­මිත අතර, අප­රා­ධ­ක­රු­වන් වෙත ක්ෂණි­කව හඹා ගොස් අත්අ­ඩං­ගු­වට ගැනී­මට ක්‍රියා­ත්මක වනු ඇත.

මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා එහිදී මෙසේද පැව­සීය.

මම අමා­ත්‍යාං­ශය භාර ගන්න­කොට ඔබ සියලු දෙනාම දන්නවා ශ්‍රී ලංකා පොලි­සිය වැටිලා තිබුණු තත්ත්වය. අර­ග­ලය කාලෙ පොලිස් නිල­ධා­රීන්ට මුහුණ දෙන්න සිදුවී තිබුණු දේවල්. අපි රූප­වා­හි­නියේ දැක්කා. මගේ වග­කීම තිබුණේ ඒ වෙලාවේ ශ්‍රී ලංකා පොලි­සිය නඟා සිටු­වන්න. මම ඒ වෙලාවේ විශ්වාස කෙරුවා ඔබලා වෙනු­වෙන් අපි කෙළින් පෙනී සිටි­නවා නම් ඔබ සියලු දෙනාට විශාල වැඩ කොට­සක් මේ රටේ කරන්න පුළු­වන් කියලා. ඉතින් මම ඒ වෙලාවේ තීර­ණය කළේ මගේ පැත්තෙන් කළ­යුතු දේ ශ්‍රී ලංකා පොලි­සි­යට කර­නවා කියලා. දෙන්න තිබෙන දේවල් දෙන්න. අපි එක­පා­රක් බටා වැඩි කෙරුවා. ආහාර හා නවා­තැන් දීම­නා­වක් දුන්නා. වාහන දුන්නා.

ඒ සියලු දේ දෙන­කොට මට විශ්වා­ස­යක් තිබුණා ශ්‍රී ලංකා පොලි­සිය දැන් තිබෙන තත්ත්ව­යට නඟා සිටු­වන්න පුළු­වන් වෙයි කියලා. යුක්තිය මෙහෙ­යුම පටන් ගන්න හේතුව අපේ රට කුඩු­ව­ලින් හා පාතා­ල­යෙන් බේර­ගන්න. අපේ දරු පර­පුර බේර­ගන්න. යුක්තිය මෙහෙ­යුම පටන් ගන්න කලින් අපි මේක අධ්‍ය­ය­නය කළා. වැඩ බලන පොලි­ස්පති පොලි­ස්පති කරන්න යම් වෙහෙ­සක් ගන්න සිදු­වුණා. මා දැන­ගෙන සිටියා එතු­මාට කරන්න පුළු­වන් මොකක්ද කියලා. ඒ අනුව අපි මෙහෙ­යුම පටන් ගත්තා.

මං අද මේ මෝටර් සයි­කල් කණ්ඩා­යමේ සියලු දෙනා­ගෙන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා බය නැතිව අපට යා යුතු ඉල­ක්ක­යට යන්න. ඕනෑම හදිස්සි වෙලා­වක තමන් අතේ තිබෙන වෙපන් එක පාවිච්චි කරන්න වෙන­වා­නම් හරි­දේට පාවිච්චි කරන්න. අපි ඔබලා වෙනු­වෙන් හරි දේට පෙනී සිටි­නවා. ඒ වගේම වැරදි දේවල් කරන අයට විරු­ද්ධව තදින් ක්‍රියා­ත්මක වෙනවා.

මේ මෝටර් සයි­කල් කණ්ඩා­ය­මට තෝර­ගත් ඔබ සැම දන්නවා මේ මෝටර් සයි­කල් කණ්ඩා­යමේ අව­ශ්‍ය­තාව මොකක්ද කියලා. මේ කණ්ඩා­යම මදි වුණොත් අපි තවත් මෝටර් සයි­කල් කණ්ඩා­ය­මක් පිහි­ටු­ව­නවා. අපේ එක ඉල­ක්ක­යක් තිබෙ­නවා. ඒ ඉල­ක්කය මේ වන විට සියලු පොලිස් නිල­ධා­රීන් දන්නවා. මට අවශ්‍ය ඒ ඉල­ක්ක­යට යෑම පම­ණයි.

ඒ නිසා අද ඉඳන් මේ වැඩ කොටස කරන්න කැප වෙන්න. අපි සියලු දෙනා එකතු වෙලා මේ රටේ ජන­තාව බේර­ගන්න ක්‍රියා­දා­ම­ය­කට යන්නේ. දෙපා­රක් හිතන්න ඕනෑ නෑ මේ රටට කුඩු ගේන, කුඩු විකු­ණන, පාතාල ක්‍රියා­කා­ර­කම් කරන පුද්ග­ල­යන් මේ රටෙන් තුරන් කිරීම පවක් නෙමෙයි. ඒක හොඳට හිතට අර­ගෙන අද ඉඳන් පොලි­ස්ප­තිගේ නාය­ක­ත්ව­යෙන් එතුමා දෙන උප­දෙස් පරිදි වැඩ කර­ගෙන ගිහින් අපේ මේ රට හොඳ තැන­කට ගෙන­යමු.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT