Home » මිරි­දිය ධීවර කර්මා­න්තය නංවන්න අ:ඩො: මිලි­යන 3ක්

මිරි­දිය ධීවර කර්මා­න්තය නංවන්න අ:ඩො: මිලි­යන 3ක්

by damith
April 27, 2024 1:04 am 0 comment

ධීවර අමා­ත්‍යාං­ශය සමඟ එක්ව මෙරට මිරි­දිය ධීවර කර්මා­න්තය ශක්ති­මත් කිරීම සහ ග්‍රාමීය ජීව­නෝ­පාය වැඩි­දි­යුණු කිරීම සඳහා ජපාන රජය,එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නය (FAO) හරහා අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 3ක ප්‍රදා­න­යක් ලබා දී ඇත.

මේ ප්‍රති­පා­දන යොද­ව­මින් මඩ­ක­ල­පුව,මුල­තිව්,අනු­රා­ධ­පුර සහ මොණ­රා­ගල දිස්ත්‍රි­ක්ක­වල ප්‍රජාව විසින් ක්‍රියා­ත්මක වන කුඩා අභි­ජ­න­නා­ගාර හත­රක් ස්ථාපිත කිරීම,අභි­ජ­නන සහ මත්ස්‍ය පැට­වුන් ඇති කිරීමේ හැකි­යාව වැඩි කිරීම සඳහා NAQDA ජල­ජීවී වගා සංව­ර්ධන මධ්‍ය­ස්ථාන හත­රක් සහ ප්‍රජාව විසින් මෙහෙ­ය­වන මත්ස්‍ය අභි­ජ­න­නා­ගා­ර­යක් වැඩි දියුණු කිරීම,තෝරා­ගත් ජලා­ශ­වල මත්ස්‍ය පැට­වුන් ගහ­ණය වර්ධ­නය කිරීම සිදු කෙරේ.එමෙන්ම අභි­ජ­න­නා­ගා­ර­වල මව් හා පිය මත්ස්‍ය ගහ­ණය වැඩි කිරීම,ධීවර ප්‍රජාව අතර කූඩු­වල මසුන් ඇති කිරීම ප්‍රව­ර්ධ­නය හා ප්‍රජා­වගේ ජීව­නෝ­පාය හැකියා සංව­ර්ධ­නය කිරීම මගින් ආහාර හා පෝෂණ සුර­ක්ෂි­ත­භා­වය ඉහළ නැංවීම සහ ඔරො­ත්තු­දීමේ හැකි­යාව වර්ධ­නය කිරී­මට ද මේ මුදල් වැය කෙරෙනු ඇත.

මේ ව්‍යාපෘති සඳහා වූ ලේඛන අත්සන් කිරීමේ උත්ස­වය ධීවර ඇමැති ඩග්ලස් දේවා­නන්දා,ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති මිසු­කොෂි හිදේකි,ශ්‍රී ලංකා-එක්සත් ජාතීන්ගේ නේවා­සික සම්බ­න්ධී­කා­රක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ, ශ්‍රී ලංකාවේ FAO නියෝ­ජිත විම­ලේන්ද්‍ර ශරන් මහ­ත්ව­රුන් සහ ධීවර අමා­ත්‍යාං­ශයේ ලේකම් කේ.එන්.කුමාරි සෝම­රත්න මහ­ත්මිය ඇතුළු පිරි­සක් ප්‍රධා­න­ත්ව­යෙන් කොළඹ 07, එක්සත් ජාතීන්ගේ සම්ම­න්ත්‍රණ ශාලා පරි­ශ්‍ර­යේදී පැවැ­ත්විණි.

මේ වස­රක ව්‍යාපෘ­තිය මගින් NAQDA වෙත සජීවී මත්ස්‍ය ප්‍රවා­හන ට්‍රක් රථ 3ක් සප­යයි. මිරි­දිය ධීවර කර්මා­න්ත­යට ඩිජි­ටල් තාක්ෂ­ණය ඒකා­බද්ධ කිරීම සහ මිරි­දිය මත්ස්‍ය නිෂ්පා­ද­නය, කළ­ම­නා­ක­ර­ණය, සැක­සීම සහ අගය එකතු කිරී­මේදී නිල­ධා­රීන්ගේ සහ ධීව­ර­යන්ගේ තාක්ෂ­ණික හැකි­යාව ඉහළ නැංවීම ද සිදු කෙරේ.දේශීය හා විදේ­ශීය විශේ­ෂ­ඥ­ව­රුන් මගින් Òස්වයං වගා­පා­දක මිරි­දිය ධීවර කර්මා­න්තයÓ ස්ථාපිත කිරී­මට අවශ්‍ය විවිධ ක්ෂේත්‍ර­යන්ගේ තාක්ෂ­ණික දැනුම ලබා­දීම කිරීම සහ මත්ස්‍ය අභි­ජ­නන,වගාව සහ කළ­ම­නා­ක­ර­ණ­යට අවශ්‍ය කරන සිය­ලුම උප­ක­රණ මේ ව්‍යාපෘ­තිය හරහා ලබා­දී­මට සැල­සුම් කර ඇත.

මෙහිදී ධීවර ඇමැති ඩග්ලස් දේවා­නන්ද මහතා පැව­සුවේ ශ්‍රී ලංකාවේ මිරි­දිය ධීවර අංශ­යට ඉති­හා­සය පුරාම රාජ්‍ය­යන්හි සහාය ලැබී ඇති අතර, එම­ගින් ජාතියේ ආර්ථි­ක­යට සැල­කිය යුතු දාය­ක­ත්ව­යක් දී ඇති බවයි.මෑත­කා­ලීන මූල්‍ය අභි­යෝග හේතු­වෙන් ක්ෂේත්‍ර­යට අවශ්‍ය සම්පත් අහිමි වී ඇති අතර, මිරි­දිය ධීවර ප්‍රජා­වන් සහ ග්‍රාමීය ජන­තාව අතර දුෂ්ක­රතා උග්‍ර වී ඇතැයි ද ඇමැ­ති­ව­රයා කීය. මේ ව්‍යාපෘ­තිය අදාළ ක්ෂේත්‍රය පුන­ර්ජී­ව­නය කිරී­මට සහ සම්බන්ධ වූ සිය­ලුම පාර්ශ්ව­ක­රු­වන්ට තිර­සාර ප්‍රති­ලාභ සහ­තික කිරීමේ ප්‍රධාන පිය­ව­රක් බවද ඒ මහතා පැව­සීය.

මේ ව්‍යාපෘ­තිය මගින් දළ වශ­යෙන් මිරි­දිය ධීව­ර­යින් 3,000 කට, කුඩා අභි­ජ­නන මෙහෙ­යු­ම්වල යෙදී සිටින ගොවීන් 40 දෙනෙ­කුට සහ මත්ස්‍ය ආහාර සැක­සීමේ විශේ­ෂඥ ගොවීන් 20 දෙනෙ­කුට සෘජුව සහාය දැක්වී­මට අර­මුණු කරයි. එප­ම­ණක් නොව, පවුලේ සාමා­ජි­ක­යන්, පාරි­භෝ­ගි­ක­යින්, කර­වල නිෂ්පා­ද­ක­යින් සහ පර්යේ­ෂණ සහ ශාස්ත්‍රීය අංශයේ පාර්ශ­ව­ක­රු­වන් ඇතුළු වක්‍ර ප්‍රති­ලා­භීන් කෙරෙහි ධනා­ත්මක බල­පෑ­මක් ඇති කිරී­මට ද එම­ගින් අපේක්ෂා කෙරෙන බවද දේවා­නන්දා මහතා කීය.

ජපන් තානා­පති මිසු­කොෂි මහතා –

“ජපා­නය සහ ශ්‍රී ලංකාව සිය ආර්ථි­ක­යන් සහ සංස්කෘ­තීන් තුළ ධීවර කර්මා­න්තයේ වැද­ග­ත්කම පිළි­බ­ඳව ගැඹු­රින් මුල් බැස­ගත් අගය කිරී­මක් බෙදා­හදා ගන්නවා.මේ හවුල් වැද­ග­ත්කම හඳුනා ගනි­මින් ජපා­නය 2023 වසරේ සිට ශ්‍රී ලංකාවේ ධීවර සංව­ර්ධ­න­යට,සමු­ද්‍රිය ක්ෂේත්‍ර­යට සහාය දැක්වී­මට කැප වී සිටි­නවා.අපගේ අඛණ්ඩ උත්සා­හ­යට සම­ගා­මීව මේ නව ව්‍යාපෘ­තිය ආරම්භ කිරී­මත් සමඟ ජපා­නය ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ශක්ති­මත් කිරී­ම­ටත්,එම­ගින් ආහාර සුර­ක්ෂි­ත­තාව සහ ජීව­නෝ­පා­යන් වැඩි­දි­යුණු කිරී­ම­ටත් කැප වෙනවා.

ඡායා­රූ­පය- රුක්මාල් ගමගේ

බුද්ධිකා ඉඹු­ලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT