Home » ඇතැම් රාජ්‍ය නිල­ධා­රීන්ගේ වැරැදි තීර­ණ­ව­ලින් පාඩු වෙද්දී බණින්නේ දේශ­පා­ල­න­ඥ­යන්ට – ඇමැති ප්‍රසන්න රණ­තුංග

ඇතැම් රාජ්‍ය නිල­ධා­රීන්ගේ වැරැදි තීර­ණ­ව­ලින් පාඩු වෙද්දී බණින්නේ දේශ­පා­ල­න­ඥ­යන්ට – ඇමැති ප්‍රසන්න රණ­තුංග

by damith
April 27, 2024 1:04 am 0 comment

ඇතැම් රාජ්‍ය නිල­ධා­රින්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජ­ය­ටත් ජන­තා­ව­ටත් විශාල පාඩු සිදු­වන බව නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා පැව­සීය.

ඔහු අව­ධා­ර­ණය කරන්නේ නිල­ධා­රින් සිදු කරන එවැනි වැරදි නිසා අව­සා­නයේ ජන­තා­ව­ගෙන් චෝද­නා­වට ලක්වන්නේ දේශ­පා­ල­න­ඥ­යන් බවයි.

අද වන විට ඇතැම් රාජ්‍ය ආය­ත­න­වල නිල­ධා­රි­වා­දය නිසා සංව­ර්ධන වැඩ­ස­ට­හන් නතර වී ඇති බවද හෙතෙම පැව­සීය. ගම්පහ මහ නගර සභාවේ පැන නැඟී ඇති ගැටලු විස­ඳී­මට ගම්පහ මහ නගර සභාවේ පසු­ගි­යදා (24) පැවති සාක­ච්ඡා­ව­කට සහ­භාගි වෙමින් ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය. ගම්පහ මහ නගර සභාව විසින් සිදු කරන සංව­ර්ධන ව්‍යාපෘති සම්බ­න්ධ­යෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

2023 වස­රේදී ආරම්භ කළ නඩත්තු ව්‍යාපෘ­ති­වල තත්ත්වය මෙහිදී ඇමැ­ති­ව­රයා විසින් ගම්පහ නාග­රික කොම­සා­රි­ස්ව­රි­ය­ගෙන් විමසා සිටි­යේය. එහිදී නාග­රික කොම­සා­රි­ස්ව­රිය කියා සිටියේ 2023 වස­රේදී ආරම්භ කළ නඩත්තු ව්‍යාපෘති 33න් 15ක වැඩ මේ වන විට අව­සන් වී ඇති බවයි. 2023 වස­රේදී ආරම්භ කළ නඩත්තු ව්‍යාපෘති මේ වසරේ මාස හත­රක් ගත වන තුරු අව­සන් කිරී­මට නොහැකි වීම ගැන ඇමැ­ති­ව­ර­යාගේ අප්‍ර­සා­ද­යට ලක් විය.

ඉතිරි නඩත්තු ව්‍යාපෘති පටන් ගන්නා දිනය අව­සන් කරන දිනය කව­දාදා යන්න ගැන තමන්ට ලබන සඳුදා වන විට වාර්තා­වක් දෙන ලෙසත් එම නඩත්තු ව්‍යාපෘති ජුනි මස අව­සන් වීමට පෙර අව­සන් කරන ලෙසත් ඇමැ­ති­ව­රයා ගම්පහ නාග­රික කොම­සා­රි­ස්ව­රි­යට උප­දෙස් දුන්නේය.

මේ ව්‍යාපෘති පමා වීමට හේතුව නිල­ධා­රින්ගේ දුර්ව­ලතා බව කී ඇමැ­ති­ව­රයා එවැනි නිල­ධා­රින් ඉවත් කර වැඩ කළ හැකි නිල­ධා­රින් සමඟ ඉදිරි වැඩ කට­යුතු කර­ගෙන යෑමට තමන් සූදා­නම් බව ද සඳ­හන් කළේය. එහිදී වැඩි­දු­ර­ටත් ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

2023 වස­රේදී ආරම්භ කළ මේ නඩත්තු ව්‍යාපෘති අද වෙන­කම් අව­සන් කර නෑ. මේ ගැන ජන­තාව වගේම නගර සභාවේ හිටපු මහ­ජන නියෝ­ජි­ත­ය­න්ගෙ­නුත් මට පැමි­ණිලි ලැබී තිබෙ­නවා.

ට්‍රැක්ටර් පහක් නගර සභා­වට තිබෙ­නවා. එයින් එක ට්‍රැක්ට­ර­යයි අද වන විට වැඩ කරන්නේ කිය­නවා. ඇයි ඉතිරි ට්‍රැක්ටර් හතර හදා ගන්න මේ වෙන­කම් බැරි වුණේ.

ගම්පහ අනෙක් පළාත් පාලන ආය­ත­න­ව­ලින් මෙවැනි ගැටලු එන්නේ නෑ. ගම්පහ ප්‍රාදේ­ශීය සභාව, මිනු­ව­න්ගොඩ නගර සභාව, ප්‍රාදේ­ශීය සභාවේ වැඩ කට­යුතු නිසි­යා­කා­රව සිදු වෙනවා. සංව­ර්ධන ව්‍යාපෘති හරි­යා­කා­රව සිදු වෙනවා. ඒත් ගම්පහ නගර සභාවේ වැඩ හැම­දාම ප්‍රමා­දයි. ඒ නිල­ධා­රින්ගේ දුර්ව­ල­කම් නිසයි. නිල­ධා­රින් හිතා­ම­තාම මෙය පරක්කු කර­නවා.

නගර සභාව ගන්න තීන්දු තීරණ නිසි පරිදි ක්‍රියා­ත්මක වෙන්න ඕනෑ. නිල­ධා­රින් වැඩ කරන්නේ නැති වුණාම මිනිස්සු බණින්නේ අපට.

නිල­ධා­රින්ගේ ප්‍රමා­දය නිසා අද රජ­යට කොච්චර පාඩු සිදු වෙන­වාද? සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ ගන්න තීන්දු තීරණ ගැන නිල­ධා­රින් අහ­ගෙන ඉන්නේ නෑ. ගන්න තීන්දු නිකම් කතා කර ගන්න තීන්දු නොවෙයි. තීන්දු ගත් ලේඛන තිබෙ­නවා. දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ අනු­මැ­තිය හිමි වූ වහාම ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය ව්‍යාපෘති අපි පළාත් පාල­න­ව­ලට එව­නවා. නිල­ධා­රින්ගේ වග­කීම තමයි ඇස්ත­මේන්තු හදලා සූදා­නම් වෙලා ඉන්න එක. මෙතැන ලොකුම වැරැද්ද වැඩ කර­න­කොට සම්බ­න්ධී­ක­ර­ණ­යේදී සිදුව ඇති ගැට­ලු­වක්. ඒවා හදා­ගන්න ඕනෑ.

නිල­ධා­රින් හිතා­ගෙන ඉන්නවා නම් ආණ්ඩුව වෙනස් වෙනවා කියලා. නෑ ආණ්ඩුව තිබෙ­නවා, මේ අවු­රුද්දේ තිබෙන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණය විත­රයි.

ලංකාවේ හැම දිසා­පති කෙන­කු­ටම යවලා තිබෙන චක්‍ර­ලේ­ඛයේ තිබෙ­නවා ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ක්‍රියා­ත්මක වැඩ­පි­ළි­වෙළ හැම දිස්ත්‍රි­ක්ක­ය­ක­ටම අනු­ගත කර­ගන්න කියලා. නිල­ධා­රින් මහන්සි වෙලා වැඩ කරපු නිසයි අද ඒ දේ වෙලා තිබෙන්නේ. ඇතැම් නිල­ධා­රින් හිතා­ම­තාම මේක ප්‍රමාද කර­නවා. මම කියන්නේ බැරි අය අයින් කර වැඩ කරන්න පුළු­වන් පිරි­සක් තියා­ගන්න කියලා. අපි ගම­නක් යන­කොට වැඩ කරන්න පුළු­වන් පිරි­සක් ඉන්න ඕනෑ.

ගම්පහ මහ නගර සභාවේ හිටපු නග­රා­ධි­පති එරංග සේනා­නා­යක, බස්නා­හිර පළාත් පාලන සහ­කාර කොම­සා­රිස් එන්.බී.ආර්.වී. ප්‍රනාන්දු, ගම්පහ නාග­රික කොම­සා­රිස් සුලෝ­චනා බාල­සූ­රිය, හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණ­ව­ර්ධන මහ­ත්ව­රුන් ද හිටපු නාග­රික මන්ත්‍රී­ව­රුන්, රාජ්‍ය නිල­ධා­රින් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

උපාලි කරු­ණා­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT