Home » වැඩ තහ­න­මට ලක් වූ කොස්තා­පල්ගේ මර­ණ­යට විවෘත තීන්දු­වක්
ගම්පහ ව්‍යාපා­රික ඔස්මන් ඝාතන තැත:

වැඩ තහ­න­මට ලක් වූ කොස්තා­පල්ගේ මර­ණ­යට විවෘත තීන්දු­වක්

by damith
April 27, 2024 1:03 am 0 comment

ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපා­රි­ක­යකු වන ඔස්මන් ගුණ­සේ­කර ඝාත­නය කිරී­මට සැල­සුම් කළැයි කියන සිද්ධි­යට අදා­ළව අත්අ­ඩං­ගු­වට ගත් වැඩ තහ­න­මට ලක්වූ පොලිස් කොස්තා­ප­ල්ව­ර­යාගේ මර­ණය සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී විවෘත තීන්දු­වක් දී ඇතැයි පෑලි­ය­ගොඩ කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය පව­සයි.

කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පවිත්‍රා සංජී­වනී පති­රණ මහ­ත්මි­යගේ නියෝ­ග­යට අනුව මිය­ගිය කොස්තා­ප­ල්ව­ර­යාගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය කොළඹ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රී­ව­රයා විසින් ඊයේ (26) පෙර­ව­රු­වේදී සිදු­ක­රනු ලැබූ අව­ස්ථා­වේදී මේ තීන්දුව දුන් බවද පොලී­සිය සඳ­හන් කරයි.

මර­ණ­යට පත්වු පොලිස් කොස්තා­ප­ල්ව­රයා නිරී­ක්ෂ­ණය කිරී­මට කොළඹ අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රිය කොළඹ ජාතික රෝහ­ලට ගොස් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය කිරීම සඳහා කොළඹ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­ර­යාට නියෝග නිකුත් කළේ පෙරේදා (25)ය.

ඒ අනුව මිය­ගිය අයගේ සිරුරේ කොටස් රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යවා වාර්තා කැඳ­වී­මට ද කොළඹ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­රයා කට­යුතු කළ බව පොලී­සිය පැව­සීය.

ගම්පහ ව්‍යාපා­රි­ක­යකු වන ඔස්මන් ගුණ­සේ­කර යන අය ඝාත­නය කිරී­මට සැල­සුම් කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මේ මිය­ගිය අය දිවු­ල­පි­ටිය උළු­ක­ඩය හන්දි­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන සිටි­යදී අස­නීප වීම හේතු­වෙන් ජාතික රෝහ­ලට ඇතු­ළත් කළ පසු පෙරේදා (25) මර­ණ­යට පත්වූ බව බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය. ඒ අනුව කොළඹ ජාතික රෝහල වෙත ගොස් මිය­ගිය අය නිරී­ක්ෂ­ණය කර පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා නියෝ­ග­යක් නිකුත් කරන ලෙස පොලී­සිය අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා තිබිණී.

සැක­කරු සන්ත­කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලි­ග්‍රෑම් 110ක් අත්අ­ඩං­ගු­වට ගත් බවත්, ඔහු පිට­කො­ටුව පොලී­සියේ සේවය නිර­තව සිටි­යදී වැඩ තහ­න­මට ලක්වූ පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු බවත් බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඇත. මොහු තදින්ම මත්ද්‍රව්‍ය භාවි­ත­යට ඇබ්බැහි වී සිටි අයකු බවද පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබිණි.

නිමන්ති රණ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT