Home » මන්න කල්ලියේ පැදි­ක­රුගේ සාක්කි මත අබ­රණ රැසක් තියුණු ආයුධ සොයා­ගනී

මන්න කල්ලියේ පැදි­ක­රුගේ සාක්කි මත අබ­රණ රැසක් තියුණු ආයුධ සොයා­ගනී

by damith
May 6, 2024 1:03 am 0 comment
  • ආභ­රණ මොර­ටුව අවට උකස් කරලා
  • ආයුධ මන්න සම­න්තගේ නෑය­කුගේ ගෙදර

කොල්ල­කන යතු­රු­පැ­දි­ව­ලින් විවිධ ප්‍රදේ­ශ­වල සැරි­ස­ර­මින් මහ­මඟ ගමන් ගන්නා අයගේ ගෙලට මන්න පිහි තබා රන් භාණ්ඩ කොල්ල කෑ මන්න කල්ලියේ පැදි­ක­රු­ගෙන් රැඳ­වුම් නියෝග මත ප්‍රශ්න කිරී­මේදී රුපි­යල් කෝටි­ය­කට ආසන්න රන් භාණ්ඩ තොග­යක් සොයා­ගත් බව මොර­ටුව මූල­ස්ථාන පොලි­සිය කියයි.

දැනට සොයා­ගත් දේපළ අතර විවිධ ප්‍රමා­ණ­වල බරින් යුත් රන්මාල 20කට ආසන්න ප්‍රමා­ණ­යක්, අත් පල­ඳනා, කරාබු හා කොල්ල­කෑම් සඳහා යොදා­ගත් තියුණු ආයුධ පොලිස් භාර­යට ගෙන ඇත. මේ රන්මාලා අතර පවුම් 5 1/2 රන් මාල­යක්ද වන බව පොලි­සිය සඳ­හන් කරයි.

මොර­ග­හ­හේන, කැස්බෑව, පිළි­ය­න්දල, බොර­ලැ­ස්ග­මුව, මහ­ර­ගම, හෝමා­ගම, කහ­තු­ඩුව, කඩු­වෙල, තෙබු­වන, ඉංගි­රිය, අඟු­රු­වා­තොට, බණ්ඩා­ර­ගම හා මිල්ල­නිය ‍පොලිස් වස­ම්වල රන් අබ­රණ කොල්ල­කෑම සම්බ­න්ධ­යෙන් පොලිසි ගණ­නා­වක් මඟින් සොයන පුද්ග­ල­යන් දෙදෙනා මොර­ටුව ලක්ෂ­ප­තිය ප්‍රදේ­ශයේ සැරි සරන බවට මොර­ටුව මූල­ස්ථාන (ප්‍ර.පො.ප) නිහාල් ප්‍රැන්සිස් මහ­තාට ලද තොර­තු­රක් අනුව හෙරො­යින් මත්කුඩු ග්‍රෑ. 10යි මි.ග්‍රෑ. 280ක් සමඟ මොහු අත්අ­ඩං­ගු­වට ගැනී­මට මීට දින කීප­ය­කට ඉහ­තදී හැකි විය. අන­තු­රුව දින 7ක රැඳ­වුම් නියෝග ගෙන කළ දීර්ඝ ප්‍රශ්න කිරී­මේදී සැක­කරු අනා­ව­ර­ණය කළ තොර­තුරු මත, කොල්ල­කන ලද රන් භාණ්ඩ රාව­තා­වත්ත, කටු­බැද්ද, සොයි­සා­පුර, බෙලෙ­ක්කඩේ, මොර­ටුව ආදි ප්‍රදේ­ශ­වල උකස් මධ්‍ය­ස්ථා­න­ව­ලට උකස් තබා තිබි­යදී පොලි­සිය මඟින් සොයා­ගෙන ඇත. තියුණු ආයුධ ප්‍රධාන සැක­කරු වන මන්න සම­න්තගේ ඥාති­ය­කුගේ ලක්ෂ­ප­තියේ නිවෙ­සක සඟවා තිබි­යදී සොයා­ගෙන ඇත.

සැක­කරු අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔහුට සහ අනෙක් පුද්ග­ල­යාට එරෙ­හිව කොල්ල­කෑම් සම්බ­න්ධ­යෙන් පාණ­දුර ගල්කිස්ස සහ නුගේ­ගොඩ පොලිස් කොට්ඨා­ස­වල පොලිසි 13කට පැමි­ණිලි 40කට අධික ප්‍රමා­ණ­යක් ලැබී ඇතැයි පොලි­සිය කියයි. අත්අ­ඩං­ගු­වට ගත් සැක­කාර පැදි­කරු සමඟ එක්ව කොල්ල­කෑම් සිදු කර ඇති පුද්ග­ලයා කොල්ල­කෑම් 117ක් සම්බ­න්ධ­යෙන් වසර 15ක කාල­යක් සිර දඬු­වම් විඳි මන්න සමන්ත නමැත්තා බව මේ වන විට අනා­ව­ර­ණය වී ඇතැ­යිද ඔහු ලක්ෂ­ප­තිය ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන අතර ප්‍රදේ­ශය හැර පලා­ගොස් ඇති බවද උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

මේ කොල්ල­ක­රු­වන් දෙදෙනා ඇතැම් අව­ස්ථා­වල සම­හර පුද්ග­ල­යන් දණ­ග­ස්සවා ගෙලට මන්නා පිහි තබා රන් භාණ්ඩ සහ යතු­රු­පැ­දිද කොල්ලකා ඇතැ­යිද පොලි­සිය කියයි. එක් යතු­රු­පැ­දි­යක් කොල්ල­කෑ­මෙන් අන­තු­රුව එයින් කොල්ල­කෑම් කීප­යක් සිදු කර තවත් යතු­රු­පැ­දි­යක් කොල්ලකා පෙර යතු­රු­පැ­දිය අත­හැර පලා­යෑම කොල්ල­ක­රු­වන් විසින් සිදු කර ඇතැ­යිද පොලි­සිය සඳ­හන් කරයි.

අත්අ­ඩං­ගු­වට ගත් 46 ඇවි­රිදි සැක­කරු වාද්දුව තල්පි­ටිය පදිං­චි­ක­රු­වෙකි. මොහු මොර­ටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ප්‍රසන්න බ්‍රාහ්මණ, සහ­කාර පොලිස් අධි­කාරී ‍ඩබ්.ටී. අනු­රංග මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත මොර­ටුව මූල­ස්ථාන (ප්‍ර.පො.ප) නිහාල් ෆ්‍රැන්සිස් මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන්, අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති (පො.ප) අසේල ප්‍රසාද් සෙනෙ­වි­රත්න මහතා ඇතුළු කණ්ඩා­ය­මක් විම­ර්ශන පව­ත්වයි.

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ, හල්තොට - විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT