Sunday, May 19, 2024
Home » නීති විරෝධි මත්පැන්-මත්ද්‍රව්‍ය විකුණා ගත් වාහන 4ක් දැලේ

නීති විරෝධි මත්පැන්-මත්ද්‍රව්‍ය විකුණා ගත් වාහන 4ක් දැලේ

by damith
May 6, 2024 1:03 am 0 comment

නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කිරී­මෙන් උපයා ගත්තේ යැයි කියන රුපි­යල් කෝටි­ය­කට වැඩි වටි­නා­ක­මක් ඇති වාහන 4ක් මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත යටතේ පොලො­න්න­රුව කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ පොලිස් නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් ඊයේ (5) උදේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙසේ පොලිස් භාර­යට ගෙන ඇත්තේ කැර­වන් වෑන් රියක්, ත්‍රිරෝද රථ­යක්, පල්සර් වර්ගයේ යතු­රු­පැ­දි­යක් සහ හීරෝ යතු­රු­පැ­දි­යක් බව වැට­ලීම කළ පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය. මේ වාහ­න­වල වටි­නා­කම රුපි­යල් කෝටි­යක් පමණ වන අතර, සැක­කරු හිඟු­ර­ක්ගොඩ දොර­දෙක ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු බව පොලි­සිය කියයි.

පොලො­න්න­රුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නිශාන්ද සිල්වා, සහ­කාර පොලිස් අධි­කාරී චානක ද සිල්වා යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් පරිදි කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති (ප්‍ර.පො.ප) ඒ.ටී. බණ්ඩාර, (උ.පො.ප) කේ.කේ. සමා­නන්ද (පො.සැ) 68973 අතා­වුද, 42229 රංග කුමාර, 71750 චින්තක, 70411 මහේෂ්, 6705 කුමාර, (පො.කො) 46679 සිල්වා, 95742 ආනන්ද යන නිල­ධා­රීන් විසින් මේ වැට­ලීම සිදු කර තිබිණි. අත්අ­ඩං­ගු­වට ගත් වාහන වැඩි­දු­ර­ටත් පරී­ක්ෂණ පැවැ­ත්වීම සඳහා හිඟු­ර­ක්ගොඩ මූල­ස්ථාන පොලි­සි­යට භාර දී තිබේ.

ඇළ­හැර - සරත් වෙල­ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT