Sunday, May 19, 2024
Home » ලක්ෂ 2ක ගංජා එක්ක කත­ර­ගම කාලි කෝවිලේ පූසාරි කොටු

ලක්ෂ 2ක ගංජා එක්ක කත­ර­ගම කාලි කෝවිලේ පූසාරි කොටු

by damith
May 6, 2024 1:04 am 0 comment

කත­ර­ගම කාලි දේවාලේ ප්‍රධාන පූසා­රි­ව­රයා රුපි­යල් ලක්ෂ දෙකක් පමණ වටිනා ගංජා තොග­යක් සමග මාතර නග­ර­යේදී ඊයේ (5) පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ලද තොර­තු­රක් මත ඔහු ගමන් ගත් වෑන් රිය පරීක්ෂා කිරී­මේදී මොහු සතුව තිබී දේශීය ගංජා කිලෝ දෙක­කට ආසන්න ප්‍රමා­ණ­යක් සොයා­ගැ­නී­මට හැකි වී ඇත. ප්‍රධාන පූසා­රි­ව­රයා සමඟ ඔහුගේ සහා­ය­කයා, වෑන් රියේ රියැ­දුරු සහ ගංජා මිල දී ගැනී­මට පැමිණි වැලි­ගම පැලෑනේ අවු­රුදු 16ක තරු­ණ­යෙක්ද මෙහිදී අත්අ­ඩං­ගු­වට ගැනු­ණහ.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී පණ්ඩු වීර­සිංහ මහ­තාගේ උප­දෙස් පරිදි කොට­විල පොලි­සියේ ස්ථානා­ධි­පති (ප්‍ර.පො.ප) එම්. කරු­ණා­රත්න, අප­රාධ අංශයේ වැඩ බලන ස්ථානා­ධි­පති අනුර හේවා­ප­ති­රන, (උ.පො.ප) නිලන්ත, (පො.සැ) 59356 නීල් බුද්ධික මහ­ත්ව­රුන් විසින් වැඩි දුර­ටත් පරී­ක්ෂණ සිදු කෙරේ.

තෙලි­ජ්ජ­විල සමූහ - වජිර පුජිත ගුණ­ව­ර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT