Sunday, May 19, 2024
Home » රුපි­යල තව ශක්ති­මත්

රුපි­යල තව ශක්ති­මත්

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සිය­ඹ­ලා­පි­ටිය

by damith
May 6, 2024 1:04 am 0 comment

එක්සත් ජන­පද ඩොල­රය, ස්ටර්ලින් පවුම, යුරෝ, ඉන්දි­යානු රුපි­යල ඇතුළු ලෝකයේ මුදල් ඒකක රාශි­යක් හා සැස­ඳීමේ දී මේ වන­විට ශ්‍රී ලංකා රුපි­යල වඩාත් ශක්ති­මත් මුදල් ඒක­කය බවට පත්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා රුපි­යල, ලෝකයේ වේග­යෙන්ම වර්ධ­නය වන මුදල් ඒක­ක­යක් බවට පත්ව ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා ප්‍රකාශ කළේය.

ඇමැ­ති­ව­රයා පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල් මාස හතර තුළ පම­ණක් ශ්‍රී ලංකා රුපි­යල ලොව සෑම මුදල් ඒක­ක­යක් සම­ඟම සැස­ඳීමේ දී කැපී පෙනෙන වර්ධ­න­යක් අත් කර ගෙන ඇති බවයි.

මුල් මාස හතර තුළ එක්සත් ජන­පද ඩොල­ර­යට සාපේ­ක්ෂව 9.1%ක වර්ධ­න­යක් අත් කර­ගෙන ඇති රුපි­යල, යූරෝ මුදල් ඒක­ක­යට සාපේ­ක්ෂව 12.7%ක වර්ධ­න­යක් අත් කර­ගෙන ඇත. ස්ටර්ලින් පවු­මට සාපේ­ක්ෂව 10.8%ක සහ චීන යුවාන් මුදල් ඒක­ක­යට සාපේ­ක්ෂව 11.4%ක වර්ධ­න­යක් රුපි­යල හිමි කර­ගෙන තිබේ.

ජපාන යෙන් මුදල් ඒක­ක­යට සාපේ­ක්ෂව 21%කින් ද ඉන්දි­යානු රුපි­ය­ලට සාපේ­ක්ෂව 9.5%කින් ද වර්ධ­නය වී ඇති රුපි­යල ඔස්ට්‍රේ­ලි­යානු ඩොල­ර­යට සාපේ­ක්ෂව 14.2%කින් වර්ධ­නය වී ඇති බව ඒ මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. ශ්‍රී ලංකා රුපි­යල ශක්ති­මත් වීම කෙරෙහි විදේ­ශ­ගත ශ්‍රී ලාංකි­ක­යන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ යෑම, සංචා­රක ඉපැ­යීම් ආදා­යම් වැඩි­වීම සහ පෙබ­ර­වාරි මාස­යට සාපේ­ක්ෂව මාර්තු මාසයේ දී අප­න­යන ආදා­යම ඉහළ යෑම හේතුවී තිබේ. මෙර­ටට විදේශ විනි­මය වැඩි වශ­යෙන් ලැබෙන විට ශ්‍රී ලංකා රුපි­යල ශක්ති­මත් වන බවත් විදේශ විනි­මය ගෙවීම් වැඩි වූ කළ රුපි­යල අව­ප්‍ර­මා­ණය වීම සිදු­වන බවත් ඒ සිදු­ව­නුයේ මූල්‍ය වෙළෙ­ඳ­පොළේ ඉල්ලුම හා සැප­යුම අනුව බවත් මහ බැංකු ප්‍රකා­ශ­ක­යකු දින­මි­ණට ප්‍රකාශ කළේය.

ජය­සිරි මුණ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT