Sunday, May 19, 2024
Home » මාතර දිස්ත්‍රික් මහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය ජනතා අයි­ති­යට

මාතර දිස්ත්‍රික් මහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය ජනතා අයි­ති­යට

by damith
May 6, 2024 1:04 am 0 comment

මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අලු­තින් ස්ථාපිත කරන ලද රුපි­යල් මිලි­යන 200ක පමණ වටි­නා­ක­ම­කින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රති­කාර සේවා­වන් සඳහා එක් කිරීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පති­රණ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පෙරේදා (05) සිදු­විය.

අති නවීන තාක්ෂ­ණ­යෙන් යුත් මෙම CT ස්කෑන් යන්ත්‍රය සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ මූල්‍ය ප්‍රති­පා­දන යටතේ මාතර දිස්ත්‍රික් මහ රෝහ­ලට ලබා දීමට කට­යුතු කර ඇත. මෙම නව CT ස්කෑන් යන්ත්‍රය මඟින් දින­කට CT ස්කෑන් පරී­ක්ෂණ 40ත් – 50ත් අතර ප්‍රමා­ණ­යක් සිදු කිරී­මට අපේක්ෂා කරනු ලබන අතර, ඉදි­රි­යේදී එම සීමාව ඉක්මවා පරී­ක්ෂණ සිදු කිරී­මට හැකි වේ. එම­ඟින් දැනට CT ස්කෑන් පරී­ක්ෂණ කට­යුතු සඳහා වන පොරොත්තු ලේඛන අවම කර ගැනී­මට හැකි­යාව ලැබෙනු ඇත.

පැරණි CT ස්කෑන් යන්ත්‍රය වසර 17ක් පමණ පරණ CT ස්කෑන් යන්ත්‍ර­යකි. මඩ­ක­ළ­පුව සහ අනු­රා­ධ­පුර රෝහ­ල්වල භාවි­ත­යෙන් ඉවත් කරන ලද යන්ත්‍ර කොටස් උප­යෝගි කර­ගෙන වසර දෙකක් වැනි කාල­යක් තිස්සේ දින­කට CT ස්කෑන් පරී­ක්ෂණ 50ක් පමණ එම­ඟින් සිදු කර ඇත.

සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රයා රෝහලේ සංව­ර්ධන කට­යුතු ද මෙහිදී නිරී­ක්ෂ­ණය කරන ලද අතර, අන­තු­රුව රෝහලේ වත්මන් ප්‍රති­කාර සේවා­වන් පිළි­බඳ ප්‍රගති සමා­ලෝ­චන රැස්වී­ම­කට ද එක්විය. එහිදී සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රයා කියා සිටියේ තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුර­යට පත්වී­මෙන් පසු රෝහල් 40කට පමණ ගොස් ලබා­දෙන ප්‍රති­කාර සේවා­වන් නිරී­ක්ෂ­ණය කළ බවත් 2024 වසරේ මාතර දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සංව­ර්ධන කට­යුතු සඳහා රුපි­යල් මිලි­යන 35ක් ලබා­දී­මට කට­යුතු කළ බවයි. නමුත් තවත් රුපි­යල් මිලි­යන 20ක මුද­ලක් රෝහ­ලට ලබා­දී­මට කට­යුතු කරන බව ද මාතර නව රෝහලේ ඉදිරි කට­යුතු සඳහා ලබන වසරේ රුපි­යල් බිලි­ය­න­යක මූල්‍ය ප්‍රති­පා­දන ලබා­දී­මට කට­යුතු කරන බව ද පැවැ­සීය.

ලබා­දෙන මුද­ල්ව­ලින් සිදු කරන සංව­ර්ධන කට­යුතු නිතර අධී­ක්ෂ­ණ­යට ලක් කරන ලෙසත් රෝහ­ලට අත්‍ය­වශ්‍ය වෛද්‍ය උප­ක­රණ වැනි භෞතික සම්පත් ද විශේ­ෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද මානව සම්පත් හිඟ­යට ද කඩි­නම් විස­ඳුම් ලබා­දී­මට කට­යුතු කරන බව ද සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රයා මෙහිදී පැවැ­සීය.

මාතර දිස්ත්‍රික් මහ රෝහල අක්කර 08ක භූමි­භා­ග­යක පිහිටා ඇත. ඇඳන් ධාරි­තාව 851කි. වාට්ටු හා රෝගී ඒකක 32කින් යුක්ත වේ. මෙම අව­ස්ථා­වට විදු­ලි­බල හා බල­ශක්ති අමාත්‍ය කංචන විජේ­සේ­කර, මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ ඒ.ඩී.යූ. කරු­ණා­රත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් (ජීව වෛද්‍ය) ජන­ප්‍රිය කරු­ණා­ති­ලක යන මහ­ත්ව­රුන් මෙන්ම විශේ­ෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩ­ලයේ පිරි­සක් සහ­භාගි වී සිටි­යහ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT