Wednesday, May 8, 2024
Home » රියැ­දුරු රැකි­යා­වට ලිතු­වේ­නි­යා­වට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106ක් යුරෝ­පයේ හිර වෙලා

රියැ­දුරු රැකි­යා­වට ලිතු­වේ­නි­යා­වට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106ක් යුරෝ­පයේ හිර වෙලා

by damith
April 27, 2024 1:16 am 0 comment
  • සුදු­සු­කම් ලත් රියැ­දුරන් ඌරු කොටු­ව­කට දැම්මා
  • පිටු­ව­හල් කර එවුණු දෙදෙ­නෙක් හෙළි කරති

ලිතු­වේ­නි­යාවේ බර වාහන රියැ­දු­රන් ලෙස සේවය කිරී­මට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106 දෙනකු එම රැකියා, ආහා­ර­පාන සහ නවා­තැන් පහ­සු­කම් නැති වීම නිසා යුරෝ­පයේ අත­රමං වී සිටින බව එම කණ්ඩා­යමේ සිටි, ලිතු­වේ­නි­යා­වෙන් පිටු­ව­හල් කර පැමිණි ශ්‍රී ලාංකියෝ දෙදෙ­නෙක් ඊයේ (26) උදෑ­සන කටු­නා­යක ගුවන් තොටු­පො­ළේදී පැව­සූහ. ඔවුන් දෙදෙනා ඇතුළු ශ්‍රී ලාංකික 108 දෙනකු රජයේ මැදි­හත් වීමෙන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ ලියා­ප­දිංචි වී, රුපි­යල් ලක්ෂ 12 ක් කොළඹ රැකියා නියෝ­ජිත ආය­ත­න­ය­කට දී ලිතු­වේ­නි­යාව බලා බර වාහන රියැ­දු­රුන් ලෙස සේවය කිරීම සඳහා පිටත්ව ගොස් තිබේ. මෙසේ ලිතු­වේ­නි­යාවේ සිට මෙර­ටට පැමිණි ගාල්ල උණ­ව­ටුන ප්‍රදේ­ශයේ පදිංචි එන්.ඩබ්. ප්‍රියන්ත මහතා කටු­නා­යක ගුවන් තොටු­පො­ළේදී මෙසේ පැව­සීය:

“මම කොළඹ වරායේ බර වාහන රියැ­දු­රකු ලෙස සේවය කර­මින් සිටි අතර, මටම අයත් බර වාහන දෙකක්ද වරායේ සේව­යට යොදවා තිබුණා. ඒත් ශ්‍රී ලංකාවේ පව­තින වර්ත­මාන ආර්ථික තත්ත්වය යටතේ ඒ වාහන විකුණා, රත්රන් බඩු උගස් කර, රජයේ මැදි­හත් වීමෙන් කොළඹ රැකියා නියෝ­ජිත ආය­ත­න­ය­කට රුපි­යල් ලක්ෂ 12ක් ගෙවා ලිතු­වේ­නි­යාවේ බර වාහන රියැ­දු­රන් ලෙස සේවය කිරී­මට යෑමට සූදා­නම් වුණා. මේ මුද­ලට අම­ත­රව ගුවන් ටිකට් පත් ඇතුළු තවත් බොහෝ දේවල් අප මිල දී ගත්තා.

“අප ලිතු­වේ­නි­යාව බලා පිටත්ව යන උත්සව අව­ස්ථා­වට අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තාද පැමිණ සහ­භාගී වී සිටියා. ඒ නිසා අපි විශාල බලා­පො­රො­ත්තු­වක් රඳවා ගෙන තිබුණා. එහෙත් අප ලිතු­වේ­නි­යා­වට ගියාට පසුව, එරට මාන්වෙස්ටා සමා­ගම අප ශ්‍රී ලංකා­වෙන් ගිය පිරිස අතු­රින් දෙදෙ­න­කුට පම­ණක් බර වාහන රියැ­දුරු තන­තුරු දී, අනෙක් පිරිස ඌරු කොටු­වල රැකියා සදහා යොමු කළා. අප සියලු දෙනා බර වාහන පැද­වීම පිළි­බඳ සුදු­සු­කම් ලත් රියැ­දු­රන්. ඒ නිසා අපි ඌරු කොටුවේ රැකි­යා­වට කැමැති වුණේ නැහැ. ඒ නිසා ලිතු­වේ­නියා රජය වසර දෙක­කට අපට දී තිබූ නේවා­සික වීසා බල­පත්‍ර අහෝසි කළා. ඊට පස්සෙ අප දව­ස­කට යූරෝ 10ක් වැය කර නවා­තැන් පහ­සු­කම් සල­සා­ගත්තා; ඊට අම­ත­රව ආහා­ර­පාන වෙනම මිල දී ගත්තා. අප මේ පිළි­බඳ ලංකා මානව හිමි­කම් සංවි­ධා­නයේ සභා­පති ආචාර්ය සරත් ජයන්ත පීරිස් මහතා දැනු­වත් කිරී­මෙන් පසුව මෙසේ අප ශ්‍රී ලංකා­වට ගෙන්වා ගැනී­මට කට­යුතු කළා. ඒ අනුව මමත් සමග ලිතු­වේ­නි­යාව බලා පිටත්ව ගිය දෙදරු පියෙකු වන අතු­රු­ගි­රියේ කාලිංග බුල­ත්සිං­හල මහතා ද පැමිණ සිටි­නවා , ගාල්ල උන­ව­ටුන ප්‍රියන්ත මහතා පැව­සීය. අපිට මේ වෙන­කොට රුපි­යල් ලක්ෂ 35 විතර මේ ගම­නට විය­දම් වෙලා තියෙ­නවා. මේ මුදල් ලංකාවෙ අපේ ගෙවල් දොර­වල් උගස් තියල සොයා­ගත්තෙ, අප ශ්‍රී ලංකා­වට ගෙන්වා­ගන්න ඕනැ නිසා.”

මොවුන් ඊයේ (26) දින අලු­යම 5.20ට තුර්කියේ ඉස්තා­න්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ. 730 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමිණ තිබූ අතර, ඔවුන් භාර ගැනීම සදහා ශ්‍රී ලංකා මානව හිමි­කම් සංවි­ධා­නයේ සභා­පති ආචාර්ය සරත් ජයන්ත පීරිස් මහතා ඇතුළු එම සංවි­ධා­නයේ නිල­ධා­රීහු දෙදෙ­නෙක්ද කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමිණ සිටි­යහ.

කටු­නා­යක ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT