Home » ඉන්දි­යා­වෙන් පිලි­පී­න­යට සුප­ර්සො­නික් මිස­යිල

ඉන්දි­යා­වෙන් පිලි­පී­න­යට සුප­ර්සො­නික් මිස­යිල

by damith
April 27, 2024 1:16 am 0 comment

ඉන්දි­යා­වෙන් පිලි­පී­න­යට බ්‍රාමොස් සුප­ර්සො­නික් මිස­යිල සැපැ­යීම දෙරට අතර ගිවි­සු­මෙහි කොට­සක් ලෙස අඛ­ණ්ඩව සිදු­වනු ඇතැයි ඉන්දීය ආර­ක්ෂක බල­ධා­රින් ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 375ක ගනු­දෙ­නු­වක් යටතේ එම මිස­යිල සැප­යුම සිදු කරන බව ද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එම මිස­යිල පද්ධ­තිය පසු­ගි­යදා ඉන්දි­යාවේ සිට විශේ­ෂිත භාණ්ඩ ප්‍රවා­හන ගුවන් යාන­ය­කින් පිලි­පී­නයේ මැනිලා නුව­රට රැගෙන ගිය බව ද වාර්තා වේ.

ඉන්දි­යාව සහ පිලි­පී­නය අතර මිස­යිල ගනු­දෙ­නුවේ පළමු පිය­වර ලෙස එය සිදු කර

ඇතැයි ද, ඒ සඳහා වන ගිවි­සුම වසර 2022 දි අත්සන් තබා ඇතැයි ද ඉන්දීය

මාධ්‍ය සඳ­හන් කළේය. පිලි­පී­නය එම මිස­යිල ආන­ය­නය කර ඇත්තේ චීනය සමඟ දකුණු චීන මුහුදේ දේශ­පා­ල­නික උණු­සුම වර්ධ­නය වෙමින් පව­තින කාල­ව­ක­වා­නු­ව­කදී බැවින් ඒ සඳහා ජාත්‍ය­න්තර අව­ධා­නය ද යොමු වී ඇත. එල්ල විය හැකි ඕනෑම තර්ජ­න­ය­කට මුහු­ණ­දීම සඳහා එම මිස­යිල පද්ධ­තිය පිලි­පී­නය විසින් ඔවුන්ගේ වෙර­ළ­බඩ ප්‍රදේ­ශ­වල ස්ථාන­ගත කරනු ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT