Home » නිව­හ­නක් ඉදි­කි­රී­මට උප­දෙස් අත්පොත

නිව­හ­නක් ඉදි­කි­රී­මට උප­දෙස් අත්පොත

කර්තෘ රෝහිත ලිය­නගේ

by damith
April 27, 2024 1:15 am 0 comment

කොළඹ නාලන්ද විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය හැදෑරූ ග්‍රන්ථ කර්තෘ­ව­රයා ඉන් අන­තු­රුව මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ල­යට අනු­බද්ධ ජාතික තාක්ෂ­ණික ඩිප්ලෝ­මාව හදා­රන ලදී.

ඉංජි­නේරු සංස්ථාවේ ඉදි­කි­රීම් අධි­කා­රි­ව­ර­යකු ලෙස සේවය අර­ඹන ලද රෝහිත ලිය­නගේ මහතා ඉන්ප­සුව මහ­වැලි ඉංජි­නේරු ඉදි­කි­රීම් අධි­කා­රියේ ඉංජි­නේරු සහ­කා­ර­ව­ර­යකු ලෙස සේව­යට එක්ව කට­යුතු කර තිබේ.ඉන්පසු දීර්ඝ කාල­යක් ඉදි­කි­රීම් විෂය පිළි­බඳ සක්‍රීය ප්‍රවී­ණ­යකු බවට පත් වූ අතර තමන්ට සිදු වූ අන­තු­ර­කින් පසු ලද විවේ­ක­යේදී මෙම පොත ලිවීමේ කාර්යට යොමුව තිබේ.

නිව­හ­නක් ඉදි­කි­රී­මට උප­දෙස් අත්පොත නම් මෙම ග්‍රන්ථය පරි­ශී­ල­නය කිරීම මඟින් නිවාස ඉදි­කි­රීම සහ එම විෂය පිළි­බඳ ප්‍රායෝ­ගික දැනු­මක්ද ලබා ගැනී­මට පුළු­වන.

2018 වර්ෂ­යේදී ප්‍රථම මුද්‍ර­ණ­යෙන් පසු දැනට තවත් මුද්‍රණ දෙකක් එළි දක්වා තිබෙන අතර යාව­ත්කා­ලීන කරන ලද මුද්‍ර­ණය 2022 වර්ෂයේ මාර්තු මාස­යේදී එළි­දක්වා තිබේ.

මෙම පොතේ පී.ඩී.එෆ්. පිට­පත් කර්තෘ ඇම­තී­මෙන් ඊ මේල් මාර්ග­යෙන් ලබා ගැනී­මට හැකි­යාව තිබේ.දැන­ට­මත් එවැනි පී.ඩී.එෆ් පිට­පත් විශාල ප්‍රමා­ණ­යක් ලබා දී තිබේ.

තමන් නිව­සක් සාදා ගැනී­මේදී මුහුණ දෙන ගැටළු පිළි­බ­ඳව දැනු­වත් භාවය ලබා ගැනී­මට මෙම මෙම ග්‍රන්ථය මහඟු අත්වැ­ලක් ලෙස සඳ­හන් කළ හැකිය.

උදිත ගුණ­ව­ර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT