Wednesday, May 8, 2024
Home » ඉති­හා­සයේ දරු­ණු­තම පසු­බෑ­මෙන් අන­තු­රුව ශ්‍රී ලංකා ආර්ථි­කය ක්‍රම­යෙන් යථා තත්ත්ව­යට

ඉති­හා­සයේ දරු­ණු­තම පසු­බෑ­මෙන් අන­තු­රුව ශ්‍රී ලංකා ආර්ථි­කය ක්‍රම­යෙන් යථා තත්ත්ව­යට

වාර්ෂික ආර්ථික විව­ර­ණය එළි­ද­ක්ව­මින් මහ බැංකුව කියයි

by damith
April 27, 2024 1:15 am 0 comment

නිද­හ­සින් පසු ඉති­හා­සයේ වාර්තා වූ දරු­ණු­තම ආර්ථික පසු­බෑ­මෙන් අන­තු­රුව 2023 වස­රේදී ශ්‍රී ලංකා ආර්ථි­කය ක්‍රම­යෙන් යථා තත්ත්ව­යට පත් වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය පළමු ‘වාර්ෂික ආර්ථික විව­ර­ණය 2023’ සහ ‘මූල්‍ය ප්‍රකාශ හා මෙහෙ­යුම් 2023’ වාර්තාව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙත පිළි­ග­න්ව­මින් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධී­න­ත්ව­යට සහ එය පාර්ලි­මේ­න්තු­වට සහ මහ­ජ­න­තා­වට වඩාත් වග­වීම වැඩි දියුණු කිරීම සඳහා හඳුන්වා දුන් 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකුව නව පන­තට අනුව ඉදි­රි­පත් කළ පළමු වාර්තාව මෙයයි. එම වාර්තා­වට අනුව වාර්ෂික ආර්ථික විව­ර­ණය පරි­ච්ඡේද තුන­කින්ද, මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ හා මෙහෙ­යුම් ප්‍රකා­ශ­නය කොටස් පහ­කින්ද යුක්ත වේ.

වාර්ෂික ආර්ථික විව­ර­ණ­යෙන් පිළි­බිඹු වන්නේ 2023 වසරේ ශ්‍රී ලංකා ආර්ථි­කයේ ක්‍රියා­කා­රි­ත්වය ක්‍රම­යෙන් යථා තත්ත්ව­යට පත් වන බව­යැයි මහ බැංකුව කියයි. වසර 2022දී 69.8%ක් ලෙස වාර්තා වූ ඉහ­ළම උද්ධ­මන මට්ටම් පහළ යෑමක් වාර්තා කර­මින් 2023 වසරේ අව­සා­නය වන විට උද්ධ­ම­නය 6.3% දක්වා තනි ඉල­ක්ක­මක් බවට පත් වී ඇත. කාර්තු හයක් මුළුල්ලේ අඛ­ණ්ඩව පැවැති දීර්ඝ­තම ආර්ථික සංකෝ­ච­න­යෙන් මිදී 2023 වසරේ දෙවැනි භාගය තුළදී ආර්ථි­කයේ ප්‍රසා­ර­ණ­යක් වාර්තා කොට ඇත.

වසර 2022දී මෙරට ආර්ථි­කය ඍණ 7.3%කින් සංකෝ­ච­නය විය. එය වසර 2023දී ඍණ 2.3%ක් දක්වා යහ­පත් තත්ත්ව­ය­කට ළඟා වී තිබේ. වෙළෙ­ඳ­පොළ පොලී අනු­පා­තික සැල­කිය යුතු ලෙස 2023 වස­රේදී අඩු වී ඇත. වසර 2022 අව­සා­නය වන විට 32.6% මට්ට­මක පැවති භාණ්ඩා­ගාර බිල්පත් ඵල­දා­යිතා අනු­පා­ති­කය 2023 අව­සා­නය වන විට 14.5% දක්වාද මේ වසරේ මාර්තු, පෙබ­ර­වාරි මාස­ව­ලදී 10.1% දක්වා අඩු වී ඇත.

දළ නිල සංචි­තය එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 4.4 දක්වා වැඩි වී ඇත. එය වසර 2022දී පැවැ­තියේ ඩොලර් බිලි­යන 1.9ක් ලෙසිනි. මේ ආකා­ර­යට නිල සංචි­තය වැඩි­වීම සඳහා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල, ලෝක බැංකුව, ආසි­යානු සංව­ර්ධන බැංකුව යන බහු­පා­ර්ශ්වීය ආය­ත­න­ව­ලින් මෙර­ටට හිමි වූ විදේශ විනි­මය ලැබීම් හේතු විය. ශ්‍රී ලංකා මහ බැංකුව ද විදේ­ශීය විනි­මය වෙළෙ­ඳ­පො­ළෙන් විදේශ විනි­මය මිල දී ගෙන තිබේ.

වසර 2022දී මෙරට රාජ්‍ය ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස 8.4%ක් විය. එය වසර 2023 අව­සන් වන­විට 11.1% දක්වා වැඩි වී ඇත. වසර 2022 දී රජයේ විය­දම දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස 18.6%ක් විය. එය 2023දී 19.4% දක්වා වැඩි වී ඇත. වසර 2022දී එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 1.1ක් වූ සංචා­රක ඉප­යීම් 2023දී ඩොලර් බිලි­යන 2.1 දක්වා වැඩි වී ඇත. විදේශ සේවා නියු­ක්ති­ක­යින්ගේ ප්‍රේෂණ ලෙස 2022දී මෙර­ටට ලැබුණේ ඩොලර් බිලි­යන 3.8කි. එය 2023 අව­සන් වන­විට ඩොලර් බිලි­යන 6 දක්වා වැඩි වී ඇත. වසර 2023දී කෘෂි­ක­ර්මය (2.6%) කර්මාන්ත (ඍණ 9.2%) සේවා (ඍණ 0.2%) ලෙස ආර්ථික වර්ධ­න­යට දාය­ක­ත්වය දක්වා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ මහතා විසින් වාර්ෂික ආර්ථික විව­ර­ණය 2023 සහ මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ හා මෙහෙ­යුම් 2023 යන ප්‍රකා­ශන ජනා­ධි­පති හා මුදල් ආර්ථික ස්ථායි­ක­රණ හා ජාතික ප්‍රති­පත්ති අමාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙත පිළි­ග­න්වන ලදි. මහා­භා­ණ්ඩා­ගා­රයේ ලේකම් කේ.එම්. මහින්ද සිරි­ව­ර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධි­ප­තිනි ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු, නියෝජ්‍ය අධි­ප­තිනි කේ.එම්.ඒ.එන්. දවු­ල­ගල, සහ­කාර අධි­පති ආචාර්ය සී. අම­ර­සේ­කර, ආර්ථික පර්යේ­ෂණ අංශයේ අධ්‍ය­ක්ෂිකා ආචාර්ය කේ. ජෙග­ජී­වන්, ප්‍රති­පත්ති සමා­ලෝ­චන හා නිරී­ක්ෂණ අධ්‍ය­ක්ෂිකා ඩබ්.එල්.එස්.ඩබ්. ජය­සු­න්දර සහ ආර්ථික පර්යේ­ෂණ අති­රේක අධ්‍යක්ෂ ආචාර්ය එල්.ආර්.සී. පත්බේ­රිය මහත්ම මහ­ත්මීහු මේ අව­ස්ථා­වට සහ­භාගි වී සිටි­යහ.

ජය­සිරි මුණ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT