Home » සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස අවුරුදු 61 කරන්න කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා – ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ

සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස අවුරුදු 61 කරන්න කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා – ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ

by sachintha
May 8, 2024 2:03 am 0 comment

හෙද කාර්ය මණ්ඩලය ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යෑමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා ඇමැති මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශ්‍රාම යෑමේ වයස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා මෙසේද පැවසුවේය.

හෙද සහ ඇතැම් වෛද්‍ය සේවාවල විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දිර්ඝ කිරීමේ තීරණයක් ගත්තා. එය ක්‍රියාත්මක නොවෙන තත්ත්වයට පත්වුණා. දැන් මේකේ ප්‍රතිඵලයක් විදිහට රත්නපුරේ තිබෙන හෙද පුහුණු පාසලේ විදුහල්පති විශ්‍රාම ගිහිල්ලා, ඊළඟ කෙනාට හෝ වෙන විදුහල්පති කෙනකුට වැඩ භාරදෙන්නේ නැතුව දැන් රෝහලට වෙලා ඉන්නවා. මේ 63 ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳව දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු කාණ්ඩායම් දන්නෙත් නැහැ. වෛද්‍ය අධ්‍යක්ෂ දන්නෙත් නැහැ. හෙද පුහුණු විදුහලේ කටයුතු පවත්වාගෙන යන්න විදිහකුත් නැහැ.

සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා –

මේ සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් තියෙනවා. එහිදී අපට එකඟවෙන්න කියලා කිව්වේ වයස 61 දක්වා දිර්ඝ කරන්න. ඒ සම්බන්ධයෙන් අපි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. අවුරුදු 61කට වඩා දීර්ඝ කිරීමක් නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT