Home » කටුනායක ගුවන්තොටුපොළේ වීසා සිද්ධිය උපයෝගී කර ගෙන ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න හදනවා – රාජ්‍ය ඇමැති ටිරාන් අලස්

කටුනායක ගුවන්තොටුපොළේ වීසා සිද්ධිය උපයෝගී කර ගෙන ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න හදනවා – රාජ්‍ය ඇමැති ටිරාන් අලස්

by sachintha
May 8, 2024 2:02 am 0 comment

කටුනායක ගුවන් තොටු පොළේදී වීසා සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ගැටලුවට අදාළ තරුණයා උපයෝගී කර ගනිමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බලන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය. පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

ඒ සඳහා තරුණයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලීසියට ගෙන්වූවා මිස, අනවශ්‍ය ලෙස මෙම ප්‍රශ්නය දුරදිග ගෙන යෑමට පියවර ගන්නේ නෑ.

පුද්ගලයින් රටට ඇතුල්වීම හරහා අය කිරීම් පිළිබඳව කතාවක් ඇදුනා පසුගිය දිනවල. ඒකට ඇමැති ටිරාන් අලස් උත්තර දුන්නා. එතුමා කිව්වා මේ සියලු අය කිරීම් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා කියලා. නිලධාරිනුත් ඒකම කිව්වා. නමුත් මම ගැසට් එක බැලුවා. වීසා ගාස්තු වැඩි කිරීම අනුමත කරලා තිබුණත් වී .එෆ් .එස් ගාස්තු වැඩි කිරීම අනුමත කරලා නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT