Home » පරාටේ නීතිය සංශෝධනය කිරීමට විපක්ෂ නායකගෙන් යෝජනාවක්

පරාටේ නීතිය සංශෝධනය කිරීමට විපක්ෂ නායකගෙන් යෝජනාවක්

by sachintha
May 8, 2024 2:02 am 0 comment

පරාටේ නීතිය සංශෝධනය කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවට යෝජනා හතක් ඉදිරිපත් කෙළේය.

මෙම පනත යටතේ පරාටේ නීතිය ක්‍රියාත්මක වීමේ පනත ක්‍රියාත්මක වීම 2026 දෙසැම්බර් 15 තෙක් අත්හිටුවිම, දැනට රු. මිලියන 05ක් ලෙස සඳහන්ව ඇති පරාටේ නීතිය රුපියල් මිලියන 20ට අඩු ණය මුදල් සම්බන්ධයෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ලබා නොදිය යුතු බවද එම යෝජනා අතර වේ. ආරම්භක ලන්සුවක් නියම කිරීම අනිවාර්ය කිරීම හා ආරම්භක ලන්සුවකට වඩා අඩු මුදලකට වෙනත් පුද්ගලයකුට හෝ බැංකුවකට උකස් දේපොළ මිලදී ගැනීම තහනම් විය යුතු අතර උකස් දේපොළ පරාටේ නීතිය යටතේ විකිණීමෙන් පසු බැංකුවට අය විය යුතු මුදල අයකර ඉතිරි මුදල දින 3ක කාලයක් තුළ ණයකරුට ලබාදිය යුතු බවටද විපක්ෂ නායකවරයා යෝජනා කර ඇත. එමෙන්ම මුල් ණය මුදල රුපියල් මිලියන 100ට අඩු අවස්ථාවලදී පරාටේ ක්‍රියාවලියේදී බැංකුවට අයවිය යුතු මුදල වශයෙන් මුල් ණය මුදලේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය සහ ඒ මත එකතුවී ඇති පොලියෙන් 75%ක ප්‍රමාණයක් පමණක් අයකර ගැනීමට බැංකුවට ඉඩ ලබාදිය යුතු බවත් හෙතෙම යෝජනා කරයි.

මුල් පනතේ 19 වැනි වගන්තිය කපාහැරීම 18 වැනි වගන්තියට අදාළ වන්නේ මුල් ලන්සුවට වඩා අඩු මුදලකට දේපොළ මිල දී ගන්නා විටදීය. 11 වැනි වගන්තියට ගෙන එන සංශෝධනය මඟින් එම අවස්ථාව 19 වැනි වගන්තිය තවදුරටත් අදාළ නොවන බැවින් 19 වැනි වගන්තිය කපාහැරිය යුතු වේ.

1991 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ පනතේ 22 වගන්තිය, අර්ථකථනයක් ඇති වගන්තිය, මුල් ලන්සුවට සම්බන්ධ නව අර්ථකථනයක් ඇති කිරිම. එයට හේතුව මුල් ලන්සුව තීරණය කිරීමේදී ස්වාධීන තක්සේරුකරුවකු මඟින් දේපොළ තක්සේරු කළ යුතු බවට තීරණය කිරීම සිදු කළ යුතු බවද හෙතෙම පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT