Home » ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ සහ ජාජබ නායකයා අතර හමුවක්

ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ සහ ජාජබ නායකයා අතර හමුවක්

by sachintha
May 8, 2024 1:08 am 0 comment

බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor) මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පෙරේදා (06) බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මේ හමුවට බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී හුමයිරා හාෂියා ( Humairaa Hatia) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා ද, පළමු ලේකම් ටොම් සොපර් ( Tom Soper) මහතා ද, ජාතික ජනබලවේගය වෙනුවෙන් එහි ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්ත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT