Home » Serenade of the seas මගී නෞකාව හම්බන්තොට වරායට

Serenade of the seas මගී නෞකාව හම්බන්තොට වරායට

by sachintha
May 8, 2024 1:07 am 0 comment

දෙදහසකට ආසන්න සංචාරකයන් පිරිසක් රැගත් Serenade of the Seas මගී නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට සේන්දුවී තිබේ.

මඟීන් 1,950ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 890ක් රැගත් මේ සුඛෝපභෝගී නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව මේ වසරේ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරය කළ 10 වැනි මගී නෞකාව මෙය වන අතර, 2003දී දියත් කරන ලද Serenade of the Seas නෞකාව ගෝලීය සංචාරක නැව් සමාගමක් වන රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් හි Radiance Class යාත්‍රාවලින් එකකි.

දුර ඈත විදේශීය ගමනාන්ත තරණය කිරීමට විශේෂයෙන් නිමවා ඇති මේ නෞකාව සාදරයෙන් පිළිගත් වරාය නිලධාරීන් සමරු තිළිණ හුවමාරු කිරීමේ උත්සවයක් ද නැව මත පැවැත් වූ අතර, නැවේ දේශීය ඒජන්තවරුන් වන පෘඩෙන්ෂල් නැව් සමාගම ද එයට සහභාගී විය.

නෞකාව නැවත ගමන් අරඹන්නේ කොළඹ වරායටයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT