Home » ඇත්දළ කොටසක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට – ඇතිමලේ

ඇත්දළ කොටසක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට – ඇතිමලේ

by sachintha
May 8, 2024 1:13 am 0 comment

ඇතිමලේ පොලිසිය මඟින් කොටියාගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අඟල් දොළහමාරක් දිග අඟල් පහමාරක වට ප්‍රමාණයකින් යුත් ඇත්දළ කොටසක් සැකකරුවෙකු සමඟ පෙරේදා (06) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කොටියාගල ප්‍රදේශයේ ගවයින් බලාගෙන සිටින අගුණුකොළපැලැස්ස හකුරුවෙල කොමළිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සහ ඇත්දළ කොටස සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT