Home » යුරෝ­ප­යට දරු­වන් විකිණූ මිනිස් ජාවා­ර­ම්කරු කටු­නා­ය­කදී කොටු

යුරෝ­ප­යට දරු­වන් විකිණූ මිනිස් ජාවා­ර­ම්කරු කටු­නා­ය­කදී කොටු

by damith
April 27, 2024 1:12 am 0 comment

ශ්‍රී ලාංකික දරු­වන් මැලේ­සි­යාව ඔස්සේ යුරෝ­ප­යට රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවා­ර­මක නිරත වී සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පහ­සු­කම් සප­යන්නා ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු විම­ර්ශන අංශයේ අව­දා­නම් තක්සේරු කිරීමේ ඒක­කයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් කටු­නා­යක ගුවන් තොටු­පො­ළේදී පෙරේදා (25) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මොහු කොළඹ, දෙහි­වල ප්‍රදේ­ශයේ පදිංචි 76 හැවි­රිදි ද්‍රවිඩ ජාති­ක­යෙකි. මොහු ශ්‍රී ලාංකික දරු­වන් 17 දෙනකු රටින් පිට කර මිනිස් ජාවා­රම් කිරීමේ අවස්ථා පිළි­බඳ චෝද­නා­වට ලක් වී සිටීම නිසා මේ තැනැත්තා පිළි­බඳ විශේෂ විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස ආග­මන විග­මන පාලක ජන­රාල් හර්ෂ ඉලු­ක්පි­ටිය මහතා ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු විම­ර්ශන අංශයේ අව­දා­නම් තක්සේරු කිරීමේ ඒක­ක­යට නියෝග කර තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු විම­ර්ශන අංශයේ අව­දා­නම් තක්සේරු කිරීමේ ඒක­කයේ නිල­ධා­රීන් ඔහු ලුහු­බ­ඳි­මින් ඔහුව සමී­පව නිරී­ක්ෂ­ණය කර­මින් සිටි අතර, ඔහු පිළි­බඳ මැලේ­සි­යාවේ ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන්ද දැනු­වත් කිරී­මට පිය­වර ගෙන තිබිණි. මේ පසු­බිමේ පෙරේදා (25) 14 හැවි­රිදි පිරිමි දරු­වකු සිය පියා සමඟ මොහු විසින් මැලේ­සි­යාව වෙත රැගෙන යමින් සිටි­යදී ක්වාලා­ල­ම්පූර් නුවර ගුව­න්තො­ටු­පොළ ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් විසින් මොවුන් අත්අ­ඩං­ගු­වට ගෙන, ශ්‍රී ලංකා­වට පිටු­ව­හල් කිරී­මට පිය­වර ගෙන තිබිණි.

ඒ අනුව කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත එවා තිබූ මොවුන් ගුව­න්තො­ටු­පො­ළේ­දීම ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු විම­ර්ශන අංශයේ අව­දා­නම් තක්සේරු කිරීමේ ඒක­කයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කර තිබිණි. මොහු ඉකුත් 2022 දෙසැ­ම්බර් මාසයේ සිට 2023 අප්‍රේල් දක්වා ශ්‍රී ලාංකික දරු­වන් 17 දෙනකු මෙසේ මැලේ­සි­යාව බලා රැගෙන ගොස් ඇති අතර, ඔවුන් සියලු දෙනා ද්‍රවිඩ ළම­යින් වීම විශේ­ෂ­ත්ව­යකි. ඔවුන් අතු­රින් ළම­යින් 13කගේ තොර­තුරු ඉහත ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු ඒක­කයේ නිල­ධා­රීන් විසින් අනා­ව­ර­ණය කර ගෙන ඇත. ඒ දරු­වන් අතු­රින් 8 දෙනකු යාප­නය ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන් වන අතර, ඉතිරි 5 දෙනා මඩ­ක­ල­පුව ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රුවෝ වෙති. මේ දරු­වන් ඔවුන්ගේ මවු­පි­ය­න්ගෙන් ලබා ගෙන, ඔවුන් සමග මුලින්ම මැලේ­සි­යාව බලා පිටත්ව යෑම සිදු කරති; ඉන් අන­තු­රුව ඔවුන් මැලේ­සි­යානු දරු­වන් ලෙස අවශ්‍ය ලිය­කි­ය­විලි සකස් කර ප්‍රංශය සහ එංග­ල­න්තය වෙත මිනිස් ජාවා­රමේ නිරත කර­වීම සිදු කරති.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් ද්‍රවිඩ ජාති­කයා ශ්‍රී ලංකාවේ සිට මැලේ­සි­යාව වෙත දරු­වන් රැගෙන ගොස් අවශ්‍ය පහ­සු­කම් සැප­යීම සිදු කර­මින් කට­යුතු කරන පුද්ග­ලයා වන අතර ශ්‍රී ලංකාව, මැලේ­සි­යාව, ප්‍රංශය සහ එංග­ල­න්තය තුළ මේ මහා මිනිස් ජාවා­රමේ ප්‍රබ­ල­යන් සිටින බව ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් මේ වන විට අනා­ව­ර­ණය කර ගෙන තිබේ. දැනට අත්අ­ඩං­ගු­වට ගෙන ඇති මේ පුද්ග­ලයා වැඩි­දුර විම­ර්ශන සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මිනිස් ජාවා­රම් සහ තැනැ­ත්තන් වෙළෙ­ඳාම පිළි­බඳ ඒක­කයේ නිල­ධා­රීන්ට භාර දී තිබේ.

කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT