Wednesday, May 8, 2024
Home » තුන් ගොල්ලක් අයි­ති­වා­සි­කම් කීම නිසා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සැබෑ නියෝ­ජි­ත­යන් කවු­රු­න්දැයි අඳු­නා­ගන්න බැරි වෙලා – මල්වතු මහ­නා­හිමි

තුන් ගොල්ලක් අයි­ති­වා­සි­කම් කීම නිසා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සැබෑ නියෝ­ජි­ත­යන් කවු­රු­න්දැයි අඳු­නා­ගන්න බැරි වෙලා – මල්වතු මහ­නා­හිමි

by damith
April 27, 2024 1:18 am 0 comment

කණ්ඩා­යම් තුනක් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට අයි­ති­වා­සි­කම් කීම නිසා පක්ෂයේ සැබෑ නියෝ­ජි­ත­යන් කවුද යන්න දැන් ජන­තා­වට ප්‍රශ්න­යක් වී ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහා­නා­යක අති­පූජ්‍ය තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංම­ගල මහ­නා­හි­මියෝ පැව­සූහ.

මහ­නා­හි­මි­යන් මේ බව ප්‍රකාශ කළේ ආමාත්‍ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා ඇතුළු ශ්‍රීල­නිප නියෝ­ජිත පිරි­සක් ඊයේ (26) මල්වතු මහා විහා­ර­යට ගොස් උන්ව­හන්සේ බැහැ­දුටු අව­ස්ථා­වේ­දීය.

පක්ෂයේ සැබෑ අයි­තිය කාටද යන ප්‍රශ්නය නිරා­ක­ර­ණය කර­ගැ­නී­මට සිදු වන්නේ අධි­ක­ර­ණ­යෙන්ම බවත්, පක්ෂ ව්‍යව­ස්ථා­වක් තිබෙන නිසා අධි­ක­ර­ණය මඟින් ඉදි­රි­යේදී සාධා­රණ තීන්දු­වක් දෙනු ඇති බවත් මහ­නා­හි­මියෝ මෙහිදී පැව­සූහ.

මෙහිදී අද­හස් දැක්වූ අමාත්‍ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ විධා­යක සභාවේ 116 දෙනකු ඒක­ම­ති­කව වැඩ­බ­ලන සභා­පති ලෙස තමා තෝරා­ගත් බවත් ඒ තීර­ණ­යට විරු­ද්ධ­ත්වය ප්‍රකාශ කර තිබෙන්නේ විධා­යක සභාව නියෝ­ජ­නය කරන පිරිස අතු­රින් 10 දෙන­කු­ටත් අඩු කණ්ඩා­ය­මක් බවත් පැව­සීය. වෙනම දේශ­පා­ලන පක්ෂ සමඟ ගමන් කළ යුතු යැයි සිතන ඒ පිරිස අධි­ක­ර­ණ­යට ගොස් වාරණ නියෝග ගෙන තිබෙන බවද පැවසූ ඒ මහතා ඒක පාර්ශ්වී­යව ගොස් අධි­ක­ර­ණ­යෙන් කළ ඉල්ලී­ම­කට අනුව වාරණ නියෝ­ග­යක් දී තිබෙන බවත්, තම පාර්ශ්වය ද ඉදි­රි­යේදී ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරන බවත් ප්‍රකාශ කළේය. සැඟ­වුණු න්‍යාය පත්‍ර හා යටි අර­මුණු තිබෙන එම කණ්ඩා­යම විවිධ සැල­සුම් සකස් කර­මින් සිටින බවද කී ඒ මහතා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය දේශ­පා­ලන පක්ෂ­යක් ලෙස තීන්දු තීරණ ගන්නේ බහු­තර කැමැත්ත මත­යැ­යිද මෙහිදී කියා සිටි­යේය.

මේ අව­ස්ථා­වට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ දුෂ්‍යන්ත මිත්‍ර­පාල, සරත් ඒක­නා­යක, සජින් ද වාස් ගුණ­ව­ර්ධන, සරත් ඒක­නා­යක, මහා­චාර්ය රෝහණ ලක්ෂ්මන් පිය­දාස මහ­ත්වරු සහ­භාගි වූහ.

අසේල කුරු­ළු­වංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT