Home » ගමේ ජේ.වී.පී.කාරයන්ට උසාවි බලය දෙනවා කීවාම බය හිතෙනවා

ගමේ ජේ.වී.පී.කාරයන්ට උසාවි බලය දෙනවා කීවාම බය හිතෙනවා

by sachintha
May 8, 2024 1:27 am 0 comment

නීතියට ගරු කරන පුද්ගලයන් ලෙස අපට ලොකු බයක් තිබෙනවා, ජනතා විමුක්ති පෙරමුණේ ගම් මට්ටමේ සාමාජිකයන්ට අධිකරණ බලයක් දෙනවා කියන එක ගැන යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) අවධාරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ඇතිවූ සංවාදයේදී සිය අදහස් දක්වමිනි. එහිදී හර්ෂණ රාජකාරුණා මහතා මුලින්ම එම ප්‍රකාශය ඇතුළත් කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ හඬ පටය පාර්ලිමේන්තුවේදී වාදනය කළේය.

“මුලසුන දරන මන්ත්‍රීතුමනි මේ පිළිබඳ ඉතා පැහැදිලි හඬ පටයක් තිබෙනවා. අපට ලොකු බයක් තිබෙනවනේ. අපට ලොකු ගැටලුවක් තිබෙනවා මේ සම්බන්ධයෙන්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියකු සිදු කරපු ප්‍රකාශයක්. ඒ නිසා මේ ගැන අප දැනගත යුතුයි. මේ වගේ දෙයක් ප්‍රකාශ කරන විට නීතියට ගරු කරන පුද්ගලයන් ලෙස අපට ලොකු බයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ගම් මට්ටමේ සාමාජිකයන්ට අධිකරණ බලයක් දෙනවා කියන එක ගැන. අධිකරණ බලයක් දෙන එක ගැන තමයි මේ හඬ පටය තුළින් කියැවෙන්නෙ. ඒ වගේම හරිනි මන්ත්‍රීතුමිය නැහැ කියලා කිව්වට මේ හඬ පටය තිබෙනවා. ඒ නිසා ලොකු ගැටලුවක් තිබෙනවා. මේ හඬ පටය අහගන්න කියලා තමයි මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ. එතකොට මෙය බරපතළ තත්ත්වයක්. “ යැයිද හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT