Home » ඉන්දීය රජය ජාතිකවාදය ඉස්මතු කරන බවට අමෙරිකානු කොමිසමකින් චෝදනා

ඉන්දීය රජය ජාතිකවාදය ඉස්මතු කරන බවට අමෙරිකානු කොමිසමකින් චෝදනා

by sachintha
May 8, 2024 1:30 am 0 comment

ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය එරට ජාතීන්ට වෙනස් කොට සැලකීමේ ජාතිකවාදී ප්‍රතිපත්තිය ශක්තිමත් කරන බවට ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම් වාර්තාවකින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඉන්දියාව ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහිව කටයුතු කරන බවය.

යම්කිසි රටක විවිධත්වය, ප්‍රජාතන්ත්‍රවාදී ආචාර ධර්ම පිළිබඳ අවබෝධයකින් තොරව එම කොමිසම කටයුතු කරන බව ද ඉන්දියාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එමෙන්ම එය දේශපාලන න්‍යාය පත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන පක්ෂග්‍රාහී සංවිධානයක් බවත්, වාර්ෂික වාර්තාවක් ලෙස නිකුත් කර ඇති එම වාර්තාව එම කොමිසමේ ප්‍රචාරණ කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණු කරමින් සිදුකරන ක්‍රියාවලියක් බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT