Home » ටයිම් අවුට් ‘ෂකීබ්’ රසිකයෙකුට පහර දෙයි

ටයිම් අවුට් ‘ෂකීබ්’ රසිකයෙකුට පහර දෙයි

by sachintha
May 8, 2024 1:38 am 0 comment

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රසිකයකුට පහරදෙයි. පෙරේදා බංග්ලාදේශයේ ප්‍රයිම් බෑන්ක් ක්‍රිකට් සමාජයට එරෙහිව ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගණයේ පැවති තරගයට පෙර පුහුණුවීම් අතරතුරදී මේ සිදුවීම වාර්තා විය. ඩකා ප්‍රිමියර් ලීග්හි ෂෙයික් ජමාල් ධන්මොන්ඩි සමාජය වෙනුවෙන් ෂකීබ් ක්‍රීඩා කරමින් සිටියි.

තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට පෙර, ෂකීබ් ප්‍රධාන පුහුණුකරු ෂෙයික් සලාහුදීන් සමඟ කතාබස් කරමින් සිටියදී රසිකයෙක් පැමිණ ෂකීබ් සමඟ සෙල්ෆියක් ගැනීමට උත්සාහ කළේය. රසිකයාගෙන් දුරකතනය උදුරා ගැනීමට උත්සාහ කළ ෂකීබ් රසිකයාට පහර දුන් බවට සඳහන් වේ. එම සිදුවීම සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

වසර 146ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ නියමිත වේලාවට තණතිල්ලට පැමිණ පන්දුවට පහර නොදීමේ චෝදනාව මත (Timed Out) ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන තරගාවලියේදී පිටියෙන් ඉවත්කිරීමට මුල්වූ ෂකීබ් පිළිබඳ විවිධ දඩබ්බර සිද්ධීන් පසුගිය කාලය පුරා වාර්තා විය. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර නව දිල්ලි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී මැතිව්ස්ට එරෙහි සිදුවීම පසුගිය වසරේ වාර්තා විය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT