Home » ශ්‍රී ලංකා ඇෆ්ග­නි­ස්තාන ‘ඒ’ එක්දින සටන හෙට ඇරඹේ

ශ්‍රී ලංකා ඇෆ්ග­නි­ස්තාන ‘ඒ’ එක්දින සටන හෙට ඇරඹේ

by damith
April 27, 2024 1:18 am 0 comment

සංචා­රක ඇෆ්ග­නි­ස්තාන ‘ඒ’ ක්‍රිකට් කණ්ඩා­යම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම අතර තරග 5කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය හෙට (28) හම්බ­න්තොට මහින්ද රාජ­පක්ෂ ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පිල සහන් ආර­ච්චිගේ නාය­ක­ත්ව­යෙන් සහ නුව­නිඳු ප්‍රනා­න්දුගේ උප­නා­ය­ක­ත්ව­යෙන් තරග බිමට පිවි­සෙන අතර, ඇෆ්ග­නි­ස්තාන කණ්ඩා­යම ඉක්‍රම් අලි­කිල් මෙහෙ­ය­වයි.

මේ දෙපිල අව­සන් වරට පසු­ගිය වසරේ මෙර­ටදී පැවති නැඟී එන ආසි­යානු කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී හමුවූ අතර, එහිදී ඇෆ්ගන් ‘ඒ’ පිලට ලකුණු 11ක ජයක් හිමි විය.

එම තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කළ මිනෝද් භානුක, දුෂාන් හේමන්ත සහ චාමික කරු­ණා­රත්න මේ තර­ගා­ව­ලි­යට එක් කර තිබේ.

ශ්‍රී ලංකා පිල අව­සන් වරට දකුණු අප්‍රි­කානු ‘ඒ’ පිලට එරෙ­හිව ද්වීපා­ර්ශ්වික තර­ගා­ව­ලි­ය­කට එක් වූ අතර, එම තර­ගා­ව­ලි­යට එක් වූ ළහිරු උදාර, නිශාන් මධුෂ්ක, නුව­නිඳු ප්‍රනාන්දු සහ මෙවර නාය­කයා ලෙස කට­යුතු කරන සහන් ආර­ච්චිගේ ද එක්ව සිටි­යහ.

නායක ඉක්‍රම්ට අම­ත­රව ජාත්‍ය­න්තර තරග වරම් හිමි කර ගෙන සිටින ක්වයිස් අහ­මඩ්, සියා උර් රහ­මාන් සහ බිලාල් සාමි ද මේ සංචා­ර­යට එක්ව සිටිති.

ජාත්‍ය­න්තර එක්දින ක්‍රිකට් තරග 26ක ඇත්දැ­කීම් ඇති ඉක්‍රම් පසු­ගිය පෙබ­ර­වාරි මාසයේ ඇෆ්ග­නි­ස්තාන ජාතික කණ්ඩා­යමේ ශ්‍රී ලංකා සංචා­ර­යට ද එක් විය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම – සහන් ආර­ච්චිගේ (නායක), නුව­නිඳු ප්‍රනාන්දු (උප­නා­යක), ළහිරු උදාර, කමිල් මිෂාර, මිනෝද් භානුක, නිශාන් මධුෂ්ක, පවන් රත්නා­යක, අහන් වික්‍ර­ම­සිංහ, දුෂාන් හේමන්ත, වනුජ සහන්, නිමේෂ් විමුක්ති, චාමික කරු­ණා­රත්න, චාමික ගුණ­සේ­කර, මොහො­මඩ් ශිරාස්.

ඇෆ්ග­නි­ස්තාන ‘ඒ’ එක්දින සංචි­තය – ඉක්‍රම් අලි­කිල් (නායක) රියාස් හසන්, අබ්දුල් මලික්, සුබ­යිඩ් අක්බාර්, ශහීඩ් කමාල්, බිලාල් තරින්, දාර්විෂ් රසෝලි, මොහො­මඩ් ඉෂාක්, නන්ගල් කරෝටි, ෆර්ම­නුල්ලා සාෆි, ක්වයිස් අහ­මඩ්, සියා උර් රහ­මාන්, සලීමී සාෆි, අබ්දුල් රහ­මාන්, බිලාල් සාමි.

නිරෝ­ෂාන් ප්‍රියං­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT