Home » වෛද්‍ය සැප­යුම් අධ්‍ය­ක්ෂගේ දඬු­වම පිළි­බඳ අතුරු තහ­න­මක් දෙන-නොදෙන තීන්දුව යළි කල් යයි

වෛද්‍ය සැප­යුම් අධ්‍ය­ක්ෂගේ දඬු­වම පිළි­බඳ අතුරු තහ­න­මක් දෙන-නොදෙන තීන්දුව යළි කල් යයි

by damith
April 27, 2024 1:10 am 0 comment

ප්‍රමි­ති­යෙන් තොර හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බ­න්ධව වෛද්‍ය සැප­යුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක මහතා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය විසින් කර ඇති නියෝ­ගය ක්‍රියා­ත්මක වීම වළ­ක්වන අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කර­න­වාද නැද්ද යන්න පිළි­බඳ නියෝ­ගය ප්‍රකාශ කිරීම අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විසින් ඊයේ (26) දෙවැනි වර­ටත් කල් තබන ලදි.

ඒ නියෝ­ගය ලබන 30 දා ප්‍රකාශ කිරී­මට තීර­ණය කෙරිණි. අදාළ නියෝ­ගය ඉකුත් අප්‍රේල් 9 දා ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මි­තව තිබුණු නමුත් එදින අදාළ නියෝ­ගය ප්‍රකා­ශ­යට පත් නොකළ අතර, අප්‍රේල් 26 දා එය ප්‍රකාශ කිරී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මීට පෙර තීර­ණය කළේය. මේ රිට් පෙත්සම අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ඩී. එන්. සම­ර­කෝන් මහතා හමුවේ ඊයේ (26) කැඳ­වනු ලැබීය.

ප්‍රමි­ති­යෙන් තොර එන්නත් මිල දී ගැනීමේ සිද්ධි­යට අදාළ නඩු විභා­ගය අව­සන් වන තෙක් තමන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය දුන් නියෝ­ගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බ­න්ධ­යෙන් නොතීසි නිකුත් කර­න්නේද නැද්ද යන නියෝ­ග­යද අප්‍රේල් මස 30 දා ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මි­තය.

නෙල්කා මැද­ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT