Wednesday, May 8, 2024
Home » ටැන්සා­නියා ගංව­තු­රෙන් 155ක් මරුට ලක්ෂ දෙකක් අව­තැන් වෙලා

ටැන්සා­නියා ගංව­තු­රෙන් 155ක් මරුට ලක්ෂ දෙකක් අව­තැන් වෙලා

by damith
April 27, 2024 1:10 am 0 comment

අධික ගංව­තුර සහ නාය යෑම් හේතු­වෙන් ටැන්සා­නි­යාවේ පුද්ග­ල­යන් 155 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් 236 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. නැ‍ෙඟන­හිර අප්‍රි­කානු රටක් වන ටැන්සා­නි­යා­වට මේ දින­වල ඇද හැලෙන අධික වර්ෂාව ගංව­තු­රට හේතු වී ඇතැයි එරට අග­මැති කාසිම් මජ­ලිවා ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

නිවාස 51,000ක් ද ගංව­තු­රට හසු වී ඇති අතර, පුද්ග­ල­යන් ලක්ෂ දෙක­කට ආසන්න සංඛ්‍යා­වක් අව­තැන් වී සිටින බවත් ටැන්සා­නියා අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කර තිබේ. දුම්රිය මාර්ග ද, මහා මාර්ග ද, පාලම් ද විශාල ප්‍රමා­ණ­යක් විනාශ වී ඇති අතර, විප­තට පත්වූ­වන්ට සහන සැල­සීම සඳහා ක්‍රියා­මාර්ග ගෙන ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT