Wednesday, May 8, 2024
Home » අයිස්-ගංජා බිබී වික්ක ගණ­කා­ධි­කා­රි­ව­ර­යාට මාංචු

අයිස්-ගංජා බිබී වික්ක ගණ­කා­ධි­කා­රි­ව­ර­යාට මාංචු

by damith
April 27, 2024 1:11 am 0 comment

අම්පාර දිස්ත්‍රි­ක්කයේ පෙරි­ය­නි­ලා­ව­නේයි පොලි­සිය මර­ද­මුනේ ප්‍රදේ­ශයේ කරන ලද සොදිසි මෙහෙ­යු­ම­කදී අයිස් මිලි­ග්‍රෑම් 540ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 840ක් සමඟ ගණ­කා­ධි­ව­ර­යෙකු පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. යුක්තිය මෙහෙ­යු­මට සම­ගා­මීව මෙම විශේෂ මෙහෙ­යුම සිදු කිරී­මේදී මෙම ගණ­කා­ධි­කා­රි­ව­ර­යාගේ නිවසේ තිබී මෙම මත්ද්‍රව්‍ය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

දැනට දින කිහි­ප­ය­කට පමණ පෙර අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යෙ­කු­ගෙන් ලද තොර­තු­රක් මත පොලි­සිය විසින් උපා­ය­දූ­ත­යකු යොදවා මෙම ගණ­කා­ධි­ව­රයා ගෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගෙන තිබේ. පසුව පෙරි­ය­නි­ලා­ව­නේයි පොලිස් ස්ථානයේ නිල­ධා­රීන් ගොස් නිවස පරීක්ෂා කිරී­මේදී මෙම මත්ද්‍රව්‍ය හමුවී තිබේ.

දීර්ඝ කාල­යක් මත්ද්‍රව්‍ය බෙදා­හැ­රීම සහ භාවිත කිරීමේ චෝද­නාව මත අත්අ­ඩං­ගු­වට ගෙන සිටින සැක­කරු වන ගණ­කා­ධි­කා­රී­ව­රයා කල්මුණේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත යොමු කිරී­මෙන් පසුව අප්‍රේල් 29 වැනිදා දක්වා රැඳ­වුම් නියෝග මත රඳ­වා­ගෙන වැඩි­දුර ප්‍රශ්න කිරීම සඳහා කල්මුණේ පොලිස් ස්ථානයේ රඳවා තිබේ. තවද, එම සැක­කරු මීට පෙර කල්මුණේ මහ නගර සභාවේ හිටපු ගණ­කා­ධි­කා­රි­ව­ර­යෙකු ලෙස සේවය කර ඇති අතර දැනට අම්පාර ප්‍රාදේ­ශීය සෞඛ්‍ය සේවා අධ්‍ය­ක්ෂක කාර්යා­ලයේ ගණ­කා­ධි­කා­රී­ව­ර­යෙකු ලෙස කට­යුතු කරන බවද පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ.

දැනට රැඳ­වුම් භාරයේ සිටින ගණ­කා­ධි­කාරී කම­රු­දීන් මුහ­ම්මද් රියාස් නමැති 39 හැවි­රිදි සැක­කරු රඳවා තබා­ගෙන වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

දිගා­ම­ඬුල්ල විශේෂ - වසන්ත චන්ද්‍ර­පාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT