Home » මෙත් මහා සමුළුව හා මෛත්‍රී භූෂණ උපහාර උලෙළ ඇමැති විදුරගේ ප්‍රධානත්වයෙන්

මෙත් මහා සමුළුව හා මෛත්‍රී භූෂණ උපහාර උලෙළ ඇමැති විදුරගේ ප්‍රධානත්වයෙන්

by sachintha
May 7, 2024 2:40 am 0 comment

බුද්ධශාසන ඇමැති විදුර වික්‍රමනායක මහතා විසින් මෛත්‍රී භූෂණ සම්මානය කොළඹ ජාතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී රජවැල්ලේ සුභුති මාහිමියෝ වෙත පිරිනැමූ අයුරු.

මෙත් සවිය විසි එක්වන සංවත්සර මහා සමුළුව හා මෛත්‍රී භූෂණ උපහාර උලෙළ බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 05දා සවස කොළඹ 05 බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙත් සවිය සංවිධානය මඟින් වර්ෂයකට පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් පිරිනමන මෛත්‍රී භූෂණ සම්මානය මෙරටේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා උපකරණ හා සේවාවන් පරිත්‍යාග වශයෙන් ලබාදෙමින් රෝගීන් වෙනුවෙන් සිදුකරන සේවාව අගයමින් කොළඹ ජාතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී රජවැල්ලේ සුභුති හිමියන් වෙත හා රට පුරා නොමිලේ අක්ෂි සායන පවත්මින් ජනතාවට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදෙන හා විවිධ පුණ්‍ය ක්‍රියා සිදු කරමින් දහස් ගණනකට සෙත සලසන නුගේගොඩ එන් ස්ටයිල් අක්ෂි කාච ආයතනයේ අධිපතිනි නිරංජලා කන්නන්ගර මහත්මියට මෙවර පිරිනැමිණි. සම්මාන ද්විත්වය බුද්ධශාසන ඇමැති විදුර වික්‍රමනායක මහතා විසින් පිරිනැමීම සිදු කෙරිණ.

මහචාර්ය චන්දන ජයරත්න මහතා සභාපතිත්වය දරන රට පුරා සාමාජිකයන් 7800 දෙනෙකු සාමාජිකත්වය ලබා ඇති මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය වන ‘මෙත් සවිය’ මඟින් මෙම උපහාර සම්මාන උලෙළ හා එම සංවත්සර සහාව සංවිධානය කර තිබුණි. මෙම උත්සව සභාවේ මූලාසනය මෙත් සවිය අනුශාසක බොරැල්ල ශ්‍රී ලංකාරාමාධිපති වීරගොඩ ඥාන හිමිපාණන් චිසින් හොබවන ලද්දාහ. මෙත් සවිය සභාපති විද්‍යා කීර්ති, මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් මෙහිදී පිළිගැනීමේ කතාව සිදු කළ අතර තම කාලය ශ්‍රමය හා ධනය වැයකරමින් මෙත් සවියේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ සාමාජිකයන් 08 දෙනෙකු අගයමින් උපහාර තිළිණ ලබාදීමද සිදු විය.

අක්ෂි සායනයට පැමිණි 150 දෙනකු සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කළ අතර මෙත් සවිය මඟින් සසුන්ගත කළ සාමනේර හිමිවරු දෙපළක් විසින් යුගාසන කවි බණ ධර්ම දේශනයක්ද මෙහිදී පැවැත්වූහ.

සුදත් පුබුදු කීර්ති – දෙල්ගොඩ සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT