Home » ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙනවා නම් ජනතාවගේ බදු මුදලින් රජයේ මුදලින් කෙරෙන පරිත්‍යාගයක් යනුවෙන් බැනරයක් ප්‍රදර්ශනය කළ යුතුයි

ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙනවා නම් ජනතාවගේ බදු මුදලින් රජයේ මුදලින් කෙරෙන පරිත්‍යාගයක් යනුවෙන් බැනරයක් ප්‍රදර්ශනය කළ යුතුයි

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

by sachintha
May 7, 2024 2:51 am 0 comment

 

ආණ්ඩුව විසින් ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙන බවත් මැතිවරණ කොමිසම මැතිවරණයක් ප්‍රකාශ කර තිබියදී එසේ කරන්නේ නම් බැනරයක් ප්‍රදර්ශනය කළයුතු බව 06 වැනි දින අම්බලන්ගොඩ දී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ආණ්ඩුව විසින් විවිධ සුභසාධන කටයුතු සිදු කරන බවත් දැනටමත් මැතිවරණ කොමිසම මඟින් පළාත් පාලන මැතිවරණය කැඳවා තිබියදී මෙම කටයුතු කිරීම මැතිවරණ පනතට අනුකූල නොවන බවත් පවසා සිටි අතර සංවර්ධන කටයුතු ජූලි මාසය වන විට අවසන් කළ යුතු බවත් රජය විසින් ප්‍රකාශ කර ඇති බවත් මැතිවරණයක් කැඳවා තිබූ අවධියක එසේ වැඩකටයුතු කරන්නේ නම් සහල් බෙදෙන අවස්ථාවල මෙන්ම අනෙකුත් අවස්ථාවලදී බැනරයක් ප්‍රදර්ශනය කළ යුතු බවත් එහි ‘මේ ජනතාවගේ බදු මුදලින් රජයේ මුදලින් කෙරෙන පරිත්‍යාගයක් බවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයෙකුට විශේෂ බැඳීමක් හෝ ලැදියාවක් ඇතිකර නොගත යුතුය යන්න සඳහන් කිරීම’ කළ යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් දැනටමත් මැතිවරණ නිරීක්ෂක සංවිධාන විසින් රජයට දන්වා ඇති බවත් ඔහු සඳහන් කළේය. අය වැය යටතේ වාර්ෂිකව කළයුතු සංවර්ධන කාර්යයන් කඩිනමින් සංවර්ධන කටයුතු ඉවර කළ යුතු බව රජය සඳහන් කරන්නේ තව මාස පහකින් පැවැත්වෙන ජනාධිපතිවරණය තත්ත්වයක් උඩදි බවත් වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කළේය. ගම් සංවර්ධනය සඳහා කමිටු පිහිටුවීමට යෝජනා කර ඇති අතර එය ආණ්ඩුකාරවරයා විසින් පත් කරන බවත් ඔවුන් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෙක් වන බැවින් මෙම කමිටු සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේදී තම දේශපාලන නියෝජිතයන් මෙන්ම මැතිවරණ අපේක්ෂකයන් ද ඒවාට සම්බන්ධ කිරීමට ඉඩ ඇති බව ද ඔහු සඳහන් කළේය. මැතිවරණ කොමිසම මේ පිළිබඳ ශනික අවධානය යොමුකළ යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

කරන්දෙණිය සමූහ – අනුරාධ ප්‍රයදර්ශන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT