Home » සූරියපුර කසළ අංගණයට කුණු කන්න ඇතෙකුත් ඇවිත්

සූරියපුර කසළ අංගණයට කුණු කන්න ඇතෙකුත් ඇවිත්

by sachintha
May 7, 2024 2:56 am 0 comment

කන්තලේ ප්‍රාදේශීය සභාවට අයත් සූරියපුර නවය කණුව කසළ අංගණයට යාබදව කලකට පෙර කසළ දැමූ කුණු වළේ කසළ කෑමට එන වන අලි අතර මේ දිනවල ඇතෙක් ද දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

සෝමාවතී රක්ෂිතයේ සිට කන්තලේ – සේරුනුවර මාර්ගය හරහා පැමිණෙන මෙම ඇතාව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු දැක ඇති අතර, මීට පෙර මෙවැනි ඇතකු දක්නට නොලැබුණු බව පවසයි.

මේ තත්ත්වය තුළ දඩයම්කරුවන්ගේ බිල්ලක් බවට එම ඇතා පත්වීමට ඉඩ ඇති බව ප්‍රදේශවාසීහු අවධාරණය කරති.

 

ත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටී.එම්. ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT