Home » මාතර මහ නගර සභා සූර්ය මංගල්‍යය

මාතර මහ නගර සභා සූර්ය මංගල්‍යය

by sachintha
May 7, 2024 2:56 am 0 comment

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි පාරම්පරික ජනක්‍රීඩාවලට මුල්තැන දෙමින් මාතර මහ නගර සභාව විසින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතර පොලිස් ස්ථානය ඇතුළු රාජ්‍ය ආයතන හා මාතර වෙළෙඳ ප්‍රජාව සමග එක්ව සංවිධානය කළ ‘මහ නගර සභා සූර්ය මංගල්‍යය – 2024’ මාතර නාගරික කොමසාරිස් නෙලුමි ඒ. ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විය.

ඒ සඳහා පළාත් පාලන බල ප්‍රදේශයේ සියලු වයස් මට්ටම්වල ජනතාවට හා විශේෂයෙන් මාතර පොල්හේන සහන පාසලේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ද සහභාගි විය හැකි පරිදි තරග සංවිධානය වී තිබීම විශේෂත්වයකි. මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා ද එක්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT