Home » මැදවච්චිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය අලුත් කෙරේ

මැදවච්චිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය අලුත් කෙරේ

by sachintha
May 7, 2024 2:53 am 0 comment

 

වසර ගණනාවකට පසු මැදවච්චිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය අලුත් වැඩියා කරමින් නැවත ජනතා අයිතියට පත් කිරීම මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්.සී. මලවිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) සිදු කෙරිණි.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 55000ට ආසන්නව ජීවත්වන ජනතාවට සෞඛ්‍ය පහසුකම් සපයන එකම මූලික රෝහලද මැදවච්චිය මූලික රෝහල වේ. අවම පහසුකම් සහිත ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කිරීමට දැඩි කැපවීමකින් වැඩ කරන වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්යය මණ්ඩලයක් මෙම රෝහලේ සිටිති. ඒ අනුව විවිධ දානපතියන්ගේ අවධානය මේ වන විට මෙම රෝහලට ලැබෙමින් පවතී. අපවත් වී වදාළ සංගිලිකනදරාව ශ්‍රී සුමනාරාම රළපනාව ශ්‍රී බුදුරැස් විහාරාධිපති නැගෙනහිර නුවරගම් පළාතේ උප ප්‍රධාන සංඝනායක ළිඳවැව සුමංගලාභිධාන නාහිමියන්ගේ හා සිංගප්පූරුවේ Daw Ma Ma Lay වර්ෂ පූර්ණ පින්කම නිමිත්තේන් ළිඳවැවේ අමරජෝති හිමියන්ගේ අනුශාසනා පරිදි එම හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇඳන් ආවරණ සහ අලුත්වැඩියා කටයුතු සිදු කළේය.

සංගිලිකනදරාව දායක පිරිස සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය මෙයට ලැබී තිබිණි.

එම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ රෝහල් කාර්යය මණ්ඩලය සහභාගී වූහ.

කැබිතිගොල්ලෑව සමූහ – එස්.ජී. උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT