Home » ලක්ස් සරසවිය 2024 සම්මාන උලෙළ ලක්ස් අනුග්‍රහයෙන්

ලක්ස් සරසවිය 2024 සම්මාන උලෙළ ලක්ස් අනුග්‍රහයෙන්

by sachintha
March 28, 2024 1:03 am 0 comment

දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය වන සරසවිය සිනමා සම්මාන උලෙළ අද (28) පස්වරු 6.00 සිට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. වසර 60ක් සපුරන සරසවිය පුවත්පත මේ සම්මාන උලෙළ පවත්වන්නේ 35 වැනි වරටය. ලක්ස් අනුග්‍රහයෙන් පවත්වන මේ සම්මාන උලෙළ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය සහභාගී වේ.

නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුවත්, නිල විදත් මාධ්‍ය සහකරු ලෙස ස්වාධීන රූපවාහිනී නාළිකාවත් කටයුතු කරයි. මෙවර සම්මාන පිරිනමනු ලබන්නේ 2019 වසරේ සහ 2020 වසරේ තිරගත වූ සිනමාපට සඳහාය.

ඒ අතරින් වසර දෙකකදී ඉදිරිපත් කළ සිනමා පට 40ක් සඳහා ජූරිය විසින් තෝරා ගන්නා සම්මාන සමඟ සම්මාන 64ක් පිරිනැමීමට නියමිතය. 2019 වසරේ තිරගත වූ චිත්‍රපට 30ක් අතරින් 28ක්ද, 2020 වසරේ තිරගත වූ චිත්‍රපට 12ක්ද ඒ ඒ වසරවල දී තරගකාරී අංශයේ සම්මාන 24ක් උදෙසා වෙන වෙනම තරග වදිනු ඇත. එම සම්මාන පිරිනමනු ලබන්නේ ස්වාධීන ජූරි සභික මණ්ඩලයක් විසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT