Thursday, May 9, 2024
Home » දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හතරවටෙන් එළවළු එයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හතරවටෙන් එළවළු එයි

by sachintha
March 28, 2024 1:03 am 0 comment

ඉහළ ගිය එළවළු මිල පහත දාන්න යාපනයේ ගොවියෝ සමත් වෙති

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු විශාල වශයෙන් ලැබෙමින් පවතිම නිසා සෑම එළවළුවකම තොග මිල ඊයේ (27) දින වන විට විශාල වශයෙන් පහත වැටී ඇතැයි ගොවීන් පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනය අර්ධද්වීපයෙන් ඊයේ වන විට විශාල වශයෙන් රතුලූනු තොග ඇතුළු එළවළු තොග ලැබීමත් සමඟ මේ තත්ත්වය උදා වී තිබේ.

කිලෝවක් රුපියල් 350කට අලෙවි වූ රතුලූනු කිලෝ එකක මිල ඊයේ (27) දින වැනි විට රුපියල් 110 ත් රුපියල් 230 දක්වා මිල ගණන් යටතේ අලෙවි වූ බව දඹුල්ල වෙළෙඳ සංගමය සඳහන් කෙළේය.

යාපනය අර්ධද්වීපයෙන් දිනපතා විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් ද එළවළු නිෂ්පාදන විශාල වශයෙන් ලැබෙමින් පැවතීමත් එළවළු තොග මිල පහත වැටීමට මුල්වී තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (27) එළවළු කිලෝවක පැවති තොග මිල මෙසේය.

බෝංචි 80 – 120

ලීක්ස් 150 – 180

කැරට් 150 – 200

තක්කාලී 50 – 120

රාබු 20 – 50

නොකෝල් 40 – 60

කැකිරී 25 – 30

පිපිඤ්ඤා 20 – 30

වැටකොලු 50 – 60

බණ්ඩක්කා 40 – 50

පතෝල 50 – 60

වම්බටු 80 – 120

අමු මිරිස් 150 – 200

මැකරල් 30 – 50

මාළු මිරිස් 300 – 350

කොමඩු 40 – 50

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT