Monday, May 20, 2024
Home » විදුලි බල මණ්ඩලයේ 57,000ක් වටිනා ඇලුමිනියම් කම්බි රෝලක් ආරක්ෂක නිලධාරියා කාර් එකේ පටවාගෙන ගිහින් – මඟදී පොලිසියට කොටු

විදුලි බල මණ්ඩලයේ 57,000ක් වටිනා ඇලුමිනියම් කම්බි රෝලක් ආරක්ෂක නිලධාරියා කාර් එකේ පටවාගෙන ගිහින් – මඟදී පොලිසියට කොටු

by sachintha
May 9, 2024 1:59 am 0 comment

විදුලි බල මණ්ඩලයට අයත් මාවනැල්ල ප්‍රාදේශීය උප ඒකකයේ තිබුණු රුපියල් 57,000ක් වටිනා ඇලුමිනියම් කම්බි තොගයක් ආරක්ෂක නිලධාරියා විසින් සොරකම් කරගෙන කාර් රථයක පටවාගෙන රැගෙන යමින් සිටිය දී මාවනැල්ල පොලිසිය මඟින් පෙරේදා (07) රාත්‍රි සැකකරු සමඟ අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල පොලිස් වසමේ ලොල්ලේගොඩ මහකනත පාරේ පදිංචිව සිටින නිශාන්ත කුමාර රත්නායක නමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා මාවනැල්ල මයුරපාද ජාතික පාසල ආසන්නයේ පිහිටි විදුලි බල මණ්ඩලයට අයත් ප්‍රාදේශීය උප ඒකකයේ ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කර ඇති බවත්, පෙරේදා (07) දහවල් රාජකාරී නිමා කිරීමට ආසන්නව තිබියදී ගබඩා අංගණයේ තිබුණු ඇලුමිනියම් කම්බි රෝලකින් කොටසක් ඔහුගේ කාර් රථයේ පිටුපස අසුනට පටවාගෙන ඇති බවත් පොලිසිය පවසයි. පසුව රාත්‍රි ආරක්ෂක නිලධාරියා වැඩ බාර ගැනීමට පැමිණීමෙන් පසුව සැකකාර ආරක්ෂක නිලධාරියා කාර් රථය රැගෙන යන අවස්ථාවේ දී රාත්‍රි මුර සංචාරයේ නියැළී සිටි මාවනැල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කරුණාරත්න ඇතුළු නිලධාරීන් මාවනැල්ල ජාතික පාසල ආසන්නයේ කාර් රථය පරීක්ෂා කිරීමේදී ඇලුමිනියම් කම්බි තොගය කාර් රථය හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව මාවනැල්ල පොලිසිය මාවනැල්ල විදුලි අධිකාරිවරයාට දැන්වීමෙන් පසුව ඔහු ඊයේ (08) මාවනැල්ල පොලිසියට කිලෝ 62ක් බර රුපියල් 57,000ක් වටිනා ඇලුමිනියම් කම්බි අතුරුදන්ව ඇති බව දන්වා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කෑගල්ල විශේෂ චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT