Monday, May 20, 2024
Home » ඖෂධ නියාමන අධිකාරියේ හිටපු CEO වෛද්‍ය විජිත් අත්අඩංගුවට
ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු CEO වෛද්‍ය විජිත් අත්අඩංගුවට

by sachintha
May 9, 2024 1:04 am 0 comment

 

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව සැකකරුවකු ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඊයේ උදෑසන කැඳවා පැය 10කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

මෙම එන්නත් කුප්පි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමත් සමඟ ඊට අදාළ සංවේදී තොරතුරු විනාශ කළ බවට විජිත් ගුණසේකර මහතාට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා ද නැඟුවේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර එම තනතුරින් පහකරන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය.

ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඊයේ සවස කෝටිපති ව්‍යාපාරිකයකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි. ඊයේ රාත්‍රිය වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT