Monday, May 20, 2024
Home » ඩයනාගේ මන්ත්‍රී ධුරය මුජිබර්ට

ඩයනාගේ මන්ත්‍රී ධුරය මුජිබර්ට

by sachintha
May 9, 2024 1:03 am 0 comment

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමඟ පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළඹ මහනගර සභා පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පත් කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ‘දිනමිණට’ පැවසීය.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා කර මෙම තීන්දුව ගෙන ඇති බව මහලේකම්වරයා පැවසීය.

මුජිබර් රහුමන් මහතා කොළඹ මහනගර සභාවේ පුරපති ධුරයට තරග වැදීම සඳහා පසුගිය වසරේ ජනවාරි මස 20 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලැබුණු පසු ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව ඇය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙනු ඇති බවත් ඒ අනුව එම කොමිෂන් සභාව මඟින් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කරන නියෝජිතයා පිළිබඳ සමගි ජන බලවේගය පක්ෂයෙන් විමසීම් කිරීමෙන් පසු පක්ෂය නම් කරන නියෝජිතයා විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරනු ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT