Monday, May 20, 2024
Home » වැට් බද්ද වෙනස් කර පිරිවැටුමට බදු අය කරන ක්‍රමයක් ගැන හිතන්න ඕනෑ

වැට් බද්ද වෙනස් කර පිරිවැටුමට බදු අය කරන ක්‍රමයක් ගැන හිතන්න ඕනෑ

by sachintha
May 9, 2024 2:43 am 0 comment

වැට් බද්ද ක්‍රියාත්මක කිරීමට යහපත් තාක්ෂණික ක්‍රියාවලියක් තිබිය යුතු බවත් නොඑසේ නම් වැට් බද්ද වෙනස් කර පිරිවැටුමට බදු අය කරන ක්‍රමයක් ගැන සිතිය යුතුව තිබෙන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමින් කියා සිටියේය. පුරවැසියන් බදු මුදල් ගෙව්වත් ඔවුන් ගෙවන වැට් බදුවලින් සියයට 60කට ආසන්න මුදලක් ආණ්ඩුවට නොඑන බවට වාර්තා තිබෙන බව ද හෙතෙම එහිදී සඳහන් කළේය.

මේ හේතුකොට ගෙන වැට් බදු ක්‍රියාවලිය සඳහා යහපත් තාක්ෂණ ක්‍රියාවලියක් එක් නොකළහොත් මේ ගැටලුවට විසඳුමක් නොලැබෙනු ඇතැයි ද දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT