Monday, May 20, 2024
Home » අනුර කුමාරට පිරිවැටුම ගැනවත් හරි අවබෝධයක් නෑ

අනුර කුමාරට පිරිවැටුම ගැනවත් හරි අවබෝධයක් නෑ

by sachintha
May 9, 2024 2:44 am 0 comment
Shehan cemasinghe

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බවත් ඒ ගැන හෝ අවබෝධයක් නැතිව, පිරිවැටුම මත පදනම් වූ බදු ක්‍රමයක් ගැන අනුර කුමාර දිසානායක පදනමක් නැති කතා කියන බවත් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එයින් පැහැදිලි වනුයේ ජාතික ජන බලවේගයේ නායකයා පිරිවැටුම ගැනවත් අවබෝධයක් නැති පුද්ගලයකු බව ද ඇමැතිවරයා මෙහිදී තවදුරටත් පැවසීය.

අනුර කුමාර සඳහන් කරනුයේ බදු පිට බදු අය කිරීමක් ගැන බවත් එවැනි බදු අය කිරීම මේ වන විට ලෝකයෙන් බැහැර වී ගිය ක්‍රම බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT