228
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බෙයිජිං හි ග්‍රේට් හෝල්හිදී ඊයේ (27) පැවැත්විණි. රාජ්‍ය ඇමැතිවරුන් වන ශෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, චීන තානාපති කී ෂෙන්හොන්ග්, අගමැති ලේකම් අනුර දිසානායක මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.