Sunday, May 12, 2024
Home » විදෙස් සංචාරකයන්ට වීසා දීම කිසිදු සමාගමකට පවරා නෑ – ආගමන විගමන පාලක ජනරාල්

විදෙස් සංචාරකයන්ට වීසා දීම කිසිදු සමාගමකට පවරා නෑ – ආගමන විගමන පාලක ජනරාල්

by sachintha
March 28, 2024 1:34 am 0 comment

විදෙස් සංචාරකයන්ට වීසා දීමට කිසිදු සමාගමකට පවරා නැති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.

VFS-IVS GBS ග්ලෝබල් ආයතනය සම්බන්ධ වනුයේ විදෙස් සංචාරකයන්ගේ විසා අයදුම් මාර්ගගතව එවීමට බව සඳහන් කළ ආගමන විගමන පාලක ජනරාල්වරයා එසේ එවනු ලබන අයදුම්පත් පිළිබඳ තීරණ ගනු ලබන්නේ දෙපාර්තමේන්තුව යැයි ද පැවසීය.

එම වැඩසටහන මඟින් සංචාරක ක්ෂේත්‍රයට විශාල ශක්තියක් ලැබෙන බව කී හර්ෂ ඉලුක්පිටිය මහතා වර්ෂයකට අලුතෙන් සංචාරකයන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ගෙන ඒමේ ඉලක්කයක් මේ අනුව ක්‍රියාත්මක වන බව ද කීය. ඒ අනුව 2025 වන විට සංචාරකයන් මිලියන තිහක් පමණ ගෙන ඒම සඳහා ඔවුන් එකඟ වී තිබෙන බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය මෙහි අරමුණ යැයි ද ඔහු පැවසීය.

සංචාරකයන් සඳහා වීසා ලබා දෙනවා ද වීසා ලබා දෙනුයේ කුමන ආකාරයකින් ද යන්න පිළිබඳ සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ පෙර පරිදිම ආගමන විගමන දෙපාර්තමේන්ත යැයිද ඔහු තව දුරටත් සඳහන් කළේය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT