Monday, May 20, 2024
Home » රාජකීය පණ්ඩිත දෙබත්තම නාරද නාහිමි 12 වැනි ගුණ සමරුවට පින්කම් මාලාවක්

රාජකීය පණ්ඩිත දෙබත්තම නාරද නාහිමි 12 වැනි ගුණ සමරුවට පින්කම් මාලාවක්

by sachintha
March 28, 2024 1:41 am 0 comment

අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත දෙබත්තම නාරද නාහිමිපාණන් වහන්සේගේ 12 වැනි ගුණ සමරුව වෙනුවෙන් පිංකම් මාලාවක් වත්මන් විහාරාධිපති, දෙබත්ගම පියසුමන නාහිමිපාණන් වහන්සේ අනුශාසනා ඇතිව දායක සභාව විසින් 27, 28 සහ 29 යන දිනයන්හි දී සංවිධානය කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උත්තරීතර කාරක සංඝසභික ශ්‍රී මහින්ද මහ පිරිවෙන් විහාරය, දේවාලේගම සුගතාරාමය, තල්ගම සුමනාරාමය, ඓතිහාසික බෙලිගල දළදා විහාරය, කුරුණෑගල හේවාපොළ විහාරස්ථානය යන විහාරයන්හි විහාරාධිපතිව වැඩ විසූ උන්වහන්සේ නාරම්මල ශීලවතී මහ පිරිවෙන, පේරාදෙණිය සාරානන්ද මහ පිරිවෙන, කඩුගන්නාව සිරිනිවාස මහ පිරිවෙන ආදී පිරිවෙන්හි අධ්‍යාපනික වශයෙන් ද ශාසනික වශයෙන්ද මහත් මෙහෙවරක් සිදු කර තිබේ. ඒ වෙනුවෙන් 27 වැනි දින දිළිඳු පවුලක් වෙනුවෙන් ඉදිකළ නිවෙස භාර දීම, 28 වැනි දින කුරුණෑගල ඇතුගල මත ආරණ්‍ය සේනාසනයේ ඉදිකළ ධාතු මන්දිරය වෙත ගැට්ටුවාන මහින්ද පිරිවෙනේ සිට උතුම් ධාතු කරඬුව පෙරහරින් වඩමවා තැන්පත් කිරීමෙන් අනතුරුව ප්‍රථම සම්බුද්ධ පූජාව පැවැත්වීම, 29දා සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් ඇතුගල මස්තකයේ ආරන්‍ය සේනාසනයේ සිට පැවැත්වීම මෙම පිංකම් මාලාව යටතේ සිදු කෙරේ.

මාවතගම ආනන්ද විජේතිලක මල්ලවපිටිය අනුර දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT