Home » පාපන්දු වැඩමුළුවක් ඩන්බාර් ක්‍රීඩා පිටියේදී

පාපන්දු වැඩමුළුවක් ඩන්බාර් ක්‍රීඩා පිටියේදී

by sachintha
March 28, 2024 1:52 am 0 comment

 

මතින් තොර තරුණ පරපුරක් බිහි කිරීමේ උදාර චේතනාව මත යුක්තිය මෙහෙයුමට සමගාමීව පවත්වන ලද පාපන්දු වැඩමුළුවක් පෙරේදා (26) සවස හැටන් ඩන්බාර් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

එම්.ජී. පාපන්දු වැඩමුළු මාලාවේ 40වන පාපන්දු වැඩමුළුව ලෙස මෙම පාපන්දු වැඩමුළුව පැවති අතර මෙම වැඩමුළුව සඳහා හැටන් ප්‍රදේශයේ පාසල් සිසුන් 200 දෙනකු එක්ව සිටින ලදි. යුක්තිය මෙහෙයුමට සමගාමීව හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ අධීක්ෂණය මත එම්. ජි. පාපන්දු වැඩමුළු මාලාවේ නිර්මාතෘ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු හා එහි හිටපු පුහුණුකරුවකු මෙන්ම වත්මන් ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහින්ද ගලගෙදර මහතා ඇතුළු හැටන් පාපන්දු ලීගයේ පුහුණුකරුවන් පිරිසක් මෙම පුහුණු වැඩමුළුව මෙහෙයවන ලදි. මෙම පුහුණු වැඩමුළුව සඳහා හැටන් පාපන්දු ලීගයේ පූර්ණ සහාය ද ලබා දී තිබූ අතර මෙම පුහුණු වැඩමුළුවට එක් වූ සිසුන්ට තෑගි ප්‍රදානය කිරීමක් ද සිදු කළ අතර ලොතරැයි ක්‍රමය යටතේ තෝරාගත් සිසුවකුට රුපියල් 5000ක් වටිනා තෑගි වවුචරයක් ලබා දීමද සිදු කරන ලදි. මෙම පාපන්දු පුහුණු වැඩමුළුවට සහභාගි වූ පාසල් ළමුන් වෙනුවෙන් නොමිලේ අක්ෂි සායනයක් ද පවත්වන ලදි.

හැටන් මධ්‍යම විශේෂ හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT